Home Uncategorized මේ දේවල් අඩංගු ආහාර ගත්තොත් , නිධන්ගත රෝගවලින් වැළකෙන්න පුළුවන්… නිරෝගීව ඉන්න...

මේ දේවල් අඩංගු ආහාර ගත්තොත් , නිධන්ගත රෝගවලින් වැළකෙන්න පුළුවන්… නිරෝගීව ඉන්න කැමති ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු රැසක් මෙන්න

0
69

 

ෆ්ලෙවොනොයිඩ්ස් නමැති ස්වාභාවික සංයෝගය යහමින් අඩංගු තේ,

ඩාර්ක් චොකොලට් ඇතුළු ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් නිදන්ගත රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු කරගත හැකි බවත් දිගු කාලයක් ජීවත් වීමටද එම ආහාර වර්ග හේතු වන බව විශ්ව විද්‍යාල හතරකට අයත් පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කර ඇති නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා.

වසර 10ක කාලයක් පුරා පුද්ගලයන් එක්ලක්ෂ විසිදහසක පිරිසක් යොදා ගනිමින් සිදු කර ඇති මෙම පර්යේෂණයට අනුව ෆ්ලෙවොනොයිඩ්ස් නමැති ස්වාභාවික සංයෝගය අඩංගු තේ, ඩාර්ක් චොකොලට් බෙරී වර්ග (බ්ලූ බෙරීස්, ස්ට්‍රොබෙරීස් ) දොඩම්, ඇපල්, මිදී වැනි ආහාර වර්ග පරිභෝජනය කිරීමෙන් නිදන්ගත රෝග වන දෙවැනි ඝනයේ දියවැඩියාව ,හෘද රෝග , පිළිකාවන් හා ස්නායු රෝගවලට ගොදුරු වීම වළක්වාගත හැකියි.

‘සයන්ස් ඩේලි ’ සඟරාවේ පළව ඇති මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ ක්වීන්ස් විශ්වවිද්‍යාලය, ඔස්ටේ්‍රලියාවේ පර්ත් නගරයේ එඩිත් කොවන් විශ්වවිද්‍යාලය , ඔස්ටේ්‍රලියාවේ වියනා නගරයේ වෛද්‍ය විශ්වවිද්‍යාලය හා වියෙන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින්.

Previous articleඇය ගුවන්තොටුපළේදී පෙම්වතාට පහරදුන්නාද..? ලොවක් ආදරේ දිනාගත් මීටර් 100 කෙටි දුර ධාවන ශූරියක් අත්අඩංගුවට.
Next articleජාත්‍යන්තරය දිනූ අපේ පුංචි කෙල්ල යොහානි ගැන ඇහෙන මේ අලුත් ආරංචිය මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights