ඔබේ දරුවාටත් ඉදුල් කට ගෑමේ චාරිත්‍රය හරියට කරන්න. මෙන්න නිවැරදි පිළිවෙල…!

ඔබේ දරුවාටත් ඉදුල් කට ගෑමේ චාරිත්‍රය හරියට කරන්න. මෙන්න නිවැරදි පිළිවෙල…!

දරුවාට ඉඳුල් කට ගෑමේ චාරිත්‍රය හරියට කරන්නෙ මෙහෙමයි.

🩷උදේ කාලයක කැමති නම් සුභ නැකතක් බලා( මේ සඳහා දරුවාගේ වේලපත්කඩයේ හැටියට සුබ ‍දිනයක් වේලාවක් ජ්‍යොතිෂවේදියෙකු ලවා සාදවා ගත යුතුයි)
සුදු පැහැති ඇදුමක් අන්දවා බුදුන් වැද දරුවාට ආහාර කටක් කවන්න.

🩷දරුවාට පලමු බත් කට කැවීමට මව පියා හෝ වෙනත් දරුවාට සෙනෙහස ඇති අයෙකු තෝරාගන්න(ඉඳුල් කට ගෑම, අකුරු කියවීම දරුවාද හදවතින්ම ආදරය කරන අයකු අතින් සිදුවිය යුතු වන්නේය. හදවතින්ම ආශිර්වාද කරන අයෙක් අතින් සිදුවීමෙන් දරුවාට නිදුක් නිරෝගි සුවය මෙන්ම වාසනාවද ගෙන එනු ඇත)

🩷එමෙන්ම පුතෙකුට නම් මව හෝ සහෝදරියක විසින් ද දියණියකට නම් පියා හෝ සහෝදරයකු අතින් ඉඳුල්කට ගෑම සුදුසු බව ‍පැරණි ජ්‍යොතිෂ මතයයි.

🩷පන්සල් යෑම, පිරිත් ටිකක් කියවීම, දානයක් දීම වැනි පින්කම් වල නිරත වී දරුවාට ආශිර්වාද කිරීමද කල හැක.

🩷ළදරුවෙකුගේ ඉඳුල් කට ගෑමේ කාලසීමාව ස්ත්‍රී,පුරුෂ භාවය අනුව වෙනස් වෙයි. ගෑනු දරුවෙක් නම් මාස 7,9 හෝ 11 යන වයසේදීද පිරිමි දරුවෙක් නම් මාස 6,8,10,හෝ 12 යන වයසේදී ද ඉඳුල් කටගායි.

🩷මේ සදහා ආහාර පිලියෙල කරගන්නෙ මෙසේය .
බොහෝ බිළිඳුන් ට ආහාර ලබාදීම සිදු කරන්නෙ මාස 4ත් 6ත් අතර කාලයේදීයි. නමුත් එහීදී බත් සමග ඉදුල් මිශ්‍ර කරබ්නැතු නම් තුනපහ එක් කිරිමක් සිදුනොවේ.එම නිසා ඉදුල් කට ගෑම යනු දරුවාට මුලින්ම තුනපහ එක් කර කෑම කැවීමයි.

🩷කුඩා බිළිදෙකුගේ ජීවිතයේ මංගල අවස්ථා කිහිපයකි.රන්කිරි කට ගෑම,ඉඳුල් කට ගෑම,කන් විදීම,හිස කෙස් කැපීම,අකුරු කියවීම,යන අවස්ථා මෙයින් ප්‍රධානය.මෙයින් ඉඳුල් කට ගෑම හෙවත් ‘භත්ත පරිභෝග මංගල්‍යය’ ප්‍රධාන වේ.එසේ වන්නේ උපදින සෑම ජන්මියෙකුම ගන්නා ආහාර මත සිය ජීවිතය රඳා පවතින බැවිනි.

🩷මෙම අවස්ථාව තමාගේ නිවසේ සුදානම් කිරීම වඩාත් සුදුසු යි.පවුලේ ලගම අය සහභාගි වීම සිදුවේ.අවශ්‍ය නම් ආගමික නායකයෙකුට ආරාධනය කර ආශිර්වාද කල හැක.

🩷කිරිබතක් පිළියෙළ කරන්න. ඒ සමගම කිරි හොදි ස්වල්පයක් දරුවා වෙනුවෙන් පිලියෙල කර කිරි බත් සමග මිශ්‍ර කර කවන්න.

🩷ජ්‍යොතිෂවේදියා සාදා දුන් නැකත උදාවීමට පෙර ගෙබිම අතුගා කහ දියර ඉස පිරිසිදුකර අදාල සුබ දිශාවේ පැදුරක් එලා ඒ මත සුදු රෙද්දක් අතුරා ගන්න.ඇල් හාලේ කිරිබත්,කිරි‍ හොදි, හත්මාළුව, කැවුම්,කොකිස්,කෙසෙල් ආදී ආහාර ද්‍රව්‍ය කෙසෙල් කොළ මත තබා,සුදු ඇතිරිල්ල උඩ තබන්න.පැදුරේ දෙපස පුන්කළස් දෙකක් තබා ඒ මත පොල්තෙල් පහන් දෙකක් දල්වන්න. ආහාර වර්ගවලට අමතරව පැදුර මත මුහුණ බලන කණ්ණාඩියක්,මුදල් නෝට්ටු හා කාසි කිහිපයක්,පොත්,පැන්සල් සෙල්ලම් බඩු ආදිය ද තබයි.

🩷දරුවා පිරිසිදු කර අලුත් පහසු ඇඳුමක් අන්දවා ජ්‍යොතිෂවේදියා විසින් ලබා දුන් සුබ දිසාවට හරවා වාඩිකර සුබ මුහුර්ථය එළඹෙත්ම බත්කටක් කිරි හොදි සමඟ මිශ්‍රකර හෝ කිරිබත් කටක් කැවීම සිදු කරයි.
ඊට පසු පැදුර මත තිබෙන ද්‍රව්‍යවලින් දරුවා කැමති දෙයක් ගැනීමට ඉඩ හරියි.දරුවා මුල් වරට ගන්නා දේ අනුව දරුවාගේ අනාගතය කෙබඳුවේදැයි අතීතයේ සලකා බැලුනි.
උදාහරණ ලෙස දරුවා පොතක් හෝ පැන්සලක් අතට ගත්තේ නම් එම දරුවා අනාගතයේ දී අධ්‍යාපනයෙන් බොහෝ ඵල නෙලාගන්නා බව පිළිගැනීමයි.

🩷මෙය සිදු කිරීමෙන් ඉදුල් කට ගෑමේ චාරිත්‍රය සම්පූර්ණ වේ.

🩷ඉඳුල්කට ගෑම සඳහා ගන්නා නැකැත එම දරුවාගේ උපන් නැකැතට සුබ නැකැතක් වුවද එම නැකැත අයත් දිනය පුර පසළොස්වක ‍හෝ අමාවක දිනයක් නොවීමට පැරැන්නෝ වගබලා ගත්හ.

Uncategorized