ලොවක් දිනන්නට උරදී නොයෙන ගමනක් ගිය, සිය ගුරුවරයාට අවසන් ගෞරව දැක්වූ කුසල් මෙන්ඩිස්…

ලොවක් දිනන්නට උරදී නොයෙන ගමනක් ගිය, සිය ගුරුවරයාට අවසන් ගෞරව දැක්වූ කුසල් මෙන්ඩිස්…

 

මේ කියන්න යන්නේ සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් මේ වෙන කොට කතා කරන ක්‍රීඩකයෙක් ගැන ඇසෙන කතාවක්…

ඒ කුසල් මෙන්ඩිස්..

තාම පාසල් වියේ ක්‍රිකට් පුහුණුකරු වූ අභාවප්‍රාප්ත සුරංග විජේනායක ගුරු පියාණන්ට අවසන් ගෞරව දැක්වීමට ඔහු සහභාගී වූ ඡායාරූපක් මේ වනවිට සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙක් කතාබහට ලක්කරනවා.

සිය ජීවිත කාලය තුලදී තම පාසල වෙනුවෙන් උදාරතර සේවයක් කළ වේල්ස් කුමර විද්‍යාලයීය ප්‍රජාව විසින් සුරංග විජේනායක නම් වූ ආසහාය වේල්ස් කුමරුවා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම ඊයේ දිනයේදී පාසල් භූමිය තුලදී සිදුකරනු ලැබුවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ බස්නාහිර පළාත් ක්‍රිකට් සංගම යටතේ බස්නාහිර උතුරු පළාත් ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ සුරංග විජේනායක මහතා පසුගියදා අභාවප්‍රාප්ත වුණා.

ඉකුත්දා අනුරාධපුරයේ නිමාවට පත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කර ලද ශ්‍රී ලංකා යූත් ලීග් අවු. 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූවේද ඒ මහතා ප්‍රධාන පුහුණුකරු ධුරය දරන ලද කොළඹ උතුර කණ්ඩායම විසිනි.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයකු වන විජේනායක මහතා, පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන අවධියේ සිටම ශ්‍රී ලංකා අවු. 19 න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කරමින් 1994 වසරේදී පැවැති එංගලන්ත තරග සංචාරයටද සහභාගිවී තිබෙනවා.

වමතින් පිත්ත හසුරවූ සහ වමතින් දඟ පන්දු යැවූ විජේනායක මහතා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු විය.

යොවුන් කණ්ඩායම නියෝජනය කිරීමෙන් අනතුරුව ඔහු වයස අවුරුදු 24 න් පහළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමගින් දකුණු අප්‍රිකානු තරග සංචාරයේදී ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

විදෙස් රටවල් මෙරටට පැමිණ තරග කිරීමේදී ඔවුන්ට ලබා දෙනු ලබන පුහුණු තරග හෙවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම ද කීප වීටෙක්ම නියෝජනය කර ඇති විජේනායක මහතා, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දොරටුුව අභියසටම පැමිණීමට සමත් ක්‍රීඩකයෙක් ලෙස සැලකේ.

අවසන් ගමන් යන විට ඒ මහතා 48 වැනි වියේ පසුවිය.

Local Gossip