Home දේශිය පුවත් “තාත්තා කෙනෙක් වෙන එක දැන් හොදම නැහැ..” – ජනක් හදවතින් ඇත්ත කතා...

“තාත්තා කෙනෙක් වෙන එක දැන් හොදම නැහැ..” – ජනක් හදවතින් ඇත්ත කතා කරයි… හරස් වෙලා තියෙන්නේ වයසලු…

0
110

 

“හිරු කුමරු ආදරේ ගෙනල්ලා..” ටෙලි නාට්‍යය හිරු නාලිකාවේ විකාශය වන තවත් ජනප්‍රිය ටෙලි නාට්‍යයක්.

විශිෂ්ට රංගන ශිල්පියකු වූ ජනක් ප්‍රේමලාල් මේ නාට්‍යයේ රගපාන්නේ තාත්තා කෙනකුගේ චරිතයක්.

හැබැයි ජනක් දැන් කියනවා තමා තාත්තා කෙනකු ලෙස වැඩ කරන අවසන් නාට්‍යය මේකලු. ඇයි ඔහු එහෙම කියන්නේ..?

”මට හිතුණා දැන් තාත්තගේ චරිතය කරන්න මම වයස වැඩියි කියලා. සාමන්‍යයෙන් අවුරුදු 30 දී විවාහ වෙන පිරිමියකුට වයස අවුරුදු 55 විතර වෙද්දි ලොකු දරුවෝ ඉන්නවා. ඉතින් බැලූ බැල්මට මට වයස 55 ක් ව‌ගේ පෙනෙන්නේ නැහැනේ. එතකොට මම ඒ් චරිතයට ගැලපෙන්නේ නැහැ.එතකොට චරිතය තාත්වික නැහැ. ඉතින් ඒ් නිසා තමයි මම මේ තාත්තාලාගේ චරිත රගපාන එකෙන් ඉවත් වෙන්න හිතුවේ. එහෙම නැතුව කා සමගවත් ඇති කරගත් ප්‍රශ්නයක් හින්දා නෙමෙයි.”

ජනක් ඒ් සම්බන්ධව වැඩි දුරට අදහස් දක්වද්දි මෙන්න මෙහෙමත් කිව්වා.

”මට පුලුවන් විග් එකක් පාවිච්චි කරල තාත්තා හැටියට තව දුරටත් රගපාන්න. එහෙම කරන රංගන ශිල්පීන් ඉන්නවනේ . ඒ්ත් කොණ්ඩේ දැම්මම මුණේ රැළි ගතිය පේනවා නම් ඒ‌කත් අසාර්ථකයි. අපේ කේෂත්‍රය තුළ එහෙම රගපාන අය ඉන්නවා. ඒ්ත් මට එහෙම බැහැ. ඒ් නිසා තමයි මේ තීරණයට ආවේ. මම මුල ඉදළම පෙම්වතා. යාලුවා.. අය්යා හැටියටත් රගපෑවනේ..දැන් ඒ්වා බැහැ. අපට ගැලපෙන්නේ නැහැ. ඔන්න කසාද බැදපු ලොකු දරුවො ඉන්න තාත්තා නම් කමක් නැහැ. ඔය අසල් වැසියෝ..දූ දරුවෝ..කන්දේ ගෙදර ව‌ගේ ටෙලි නාට්‍යයවල එහෙම තාත්තලා හිටියනේ.”

ඒ් නෙමෙයි, මොකක්ද මේ ආණ්ඩුවක් හදන්න යනවා කියලා ඇහෙන කතාව.. ඒ්කත් මේ දවස්වල වැඩිපුර ඇහෙනවා.

“ඒ්ක මගේ අලුත් වේදිකා නාට්‍යය. නම “මේක අපේ ආණඩුවක්.” ඒ්ක දැන් රට වඩා වේදිකා ගත කරන්න කටයුතු සුදානම් කර තිබෙනවා.”
by TaboolaSponsored Links
You May Like

Previous article40න් පසුවත් මැකී නොයන සුන්දරත්වය… බුකිය කළඹවන සරාගී තාරකාව කැමරා කාචය ඉදිරියට
Next article“මම පොඩි කඩයක් කරන්නේ. ඒක කරන ගමන් තමයි සත්තුන්ටයි, මනුස්සයන්ටයි ආරක්ෂාව සලසන විධියට මේ උදවුව කරන්නේ..’ අලි ඇතුන් දහසක් රැක්ක කුමාර ගැන ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights