Home දේශිය පුවත් “මම පොඩි කඩයක් කරන්නේ. ඒක කරන ගමන් තමයි සත්තුන්ටයි, මනුස්සයන්ටයි ආරක්ෂාව සලසන...

“මම පොඩි කඩයක් කරන්නේ. ඒක කරන ගමන් තමයි සත්තුන්ටයි, මනුස්සයන්ටයි ආරක්ෂාව සලසන විධියට මේ උදවුව කරන්නේ..’ අලි ඇතුන් දහසක් රැක්ක කුමාර ගැන ඇසෙන කතාව

0
119

අලි-ඇතුන් දහසක් රැක්ක කුමාර

කවරදා හෝ ඉදිවන බව පවසන ‘කාසි කොටේ අලි උමගේ’ කණු අතර වාඩි වී අලි රංචු එන තුරු ඈතට වී බලා හිඳිනා අයෙක් එහි යන අයකු නෙත ගැටේ. ඔහු නමින් කුමාරය. වසර අටක් දහයක් තිස්සේ මේ අලි රංචුව පාර මාරු වී යනතුරු උන්ගේ ආරක්ෂාව සලසනුයේ ඔහුය. ඔහුගේ සහායට ඒ අවට නිවෙස්වල වෙසෙන කිහිපදෙනෙක්ද ඉඳහිට ඒ අසලට පැමිණේ. උමගේ වැඩ නිමා වනතුරු රේල්ලුවේ සේවකයෝ කිහිපදෙනෙක්ද ඒ අසල රඳවා සිටිති. යම් හෙයකින් දුම්රිය පැමිණෙන වෙලාවටම අලි රංචුව දුම්රිය මඟ හරහා යන්නට

පැමිණියහොත් උන්ගේ ආරක්ෂාව සැලසීම මේ අයගේ වගකීම වී ඇත. ‘කාසි කොටේ අලි උමග’ ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැට දිවුල-අඹන්පොල හා ගල්ගමුව අතරය. දුම්රිය මාර්ගයත් වාහන ගමන් කරන මහා මාර්ගයත් එක පේළියට දිවෙන මෙහි පසෙකින් ‘ගැටදිවුල රක්ෂිතය’ පිහිටා ඇත. අනෙක් පස ඇත්තේ නිවාස කිහිපයකි. ඉන් එහාට අයත් වන ලැහැබකි. එහි නිරන්තරයෙන් අලි ඇත්තු ගැවසෙති. එහි සිටින අලි – ඇතුන් එහා මෙහා මාරු වනුයේ මේ රේල් පාර හරහා වැටෙන මහා මාර්ගයෙනි.

ඈත සිට එකා දෙන්නා බැගින් අලි එන බව දර්ශනය වූ වහාම ‘කුමාර’ රේල් පාරෙන් මහා මාර්ගයට පැන ගනී. මහා මඟ එහා මෙහා යන වාහන නවතා අලින්ට ‘ගැට දිවුල රක්ෂිතය’ දෙසට යන්න ඉඩ සැලසීම ඔහුගේ දෛනික රාජකාරියේ කොටසක් බවට පත්ව ඇත. එය අදක ඊයෙක ඇරඹුණු ක්‍රියාවක් නොවේ. වසර ගණනක් තිස්සේ කිසිදු මුදලක් හෝ වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී හුදෙක් සද්භාවයෙන් සිදු කරන ක්‍රියාවකි. ඔහු වෘත්තියෙන් කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙකි.

“මම පොඩි කඩයක් කරන්නේ. ඒක කරන ගමන් තමයි සත්තුන්ටයි, මනුස්සයන්ටයි ආරක්ෂාව සලසන විධියට මේ උදවුව කරන්නේ. අවුරුදු දහයක දොළහක ඉදන්ම මම මේ වැඩේ කරනවා. එහෙම නැත්තම් සත්තුත් අනතුරට පත්වෙනවා. මිනිස්සුන්ටත් අනතුරු වෙනවා. සමහර දවස්වලට

Previous article“තාත්තා කෙනෙක් වෙන එක දැන් හොදම නැහැ..” – ජනක් හදවතින් ඇත්ත කතා කරයි… හරස් වෙලා තියෙන්නේ වයසලු…
Next articleදොස්තරවරියක් වෙන්න හීන දැන දක්ෂ ගායිකාවක්, නිරූපිකාවක් වූ ජාත්‍යන්තරය දිනූ ඇය පලමු වරට කී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights