“එයාටත් වඩා උස කීබෝඩ් එකක් උස්සගෙන ආපු දවස…අම්මා එදා සෙනුක පුතාව මට බාර දුන්නා” – සෙනුකගේ මියුසික් ටීචර් දැන් කියන කතාව…

“එයාටත් වඩා උස කීබෝඩ් එකක් උස්සගෙන ආපු දවස…අම්මා එදා සෙනුක පුතාව මට බාර දුන්නා” – සෙනුකගේ මියුසික් ටීචර් දැන් කියන කතාව…

 

හිරු කිඩ්ස් ස්ටාර්ස් ( Kids Star) තරගයේ අනුශූරතාවය දිනා ගත්තේ මැදැරිගිරියේ උපන් සෙනුක රෙහාන්.

ඔහු එදා ලබා ගත්ත ඒ් ජයග්‍රහණය ගැන සෙනුකගේ මුල්ම සංගීත ගුරුවරිය වූ නිශානී විජයකෝන් මහත්මිය ලස්සන කතාවක් කියනවා. ඒ් කතාව මෙහෙමයි.

”ඔව්.. මට මතකයි ඒ දවස අද වගේ….2 ශ්‍රේණියට අඩිය තියපු ගමන් වගේ පුංචි කොලුපැටියෙක් එයාටත් වඩා උස Keyboard එක අරං එනව…එයාගෙ අම්ම කිව්වෙ .. ඔන්න ටීච ඔයාට පුතාව භාරයි කියල….කියල දෙන හැම දේම ඊට වඩා දෙගුණෙකින් ගුණකරපු quality එකකින් මට පෙන්නනව.. එක පාරක් මම අම්මට කිව්ව .. මේ කොලූට මෙහෙ මදී වෙන දිහාකට අරගෙන යමු කියල…අඩු වයසෙන් ඉංදියානු ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කරල විශාරද වරයත් ගන්නව…මෙයා දක්ශ keyboard වාදකයෙක්.. මගේ ලාබාලතම keyboard වාදකය…

අපේ භා‌ගේශ්‍රී මියුසික් ඇකඩමියේ හැම ප්‍රසංගයකම අමාරුම සිංදු ටික කියන්නෙත් භාර දුන්නෙත් සෙනූට.. මට මතකයි සිද්ධාර්ථ ගෞතම් කිව්ව ඒ පොඩි කොලුව…පුටුවෙ ඉදගත්තම keyboard එකට වඩා කොල්ල පොඩී.. කකුල් බිම ගෑවෙන්නෙ නැහැ…ඉතිං තරඟ වට සෑම එකකදීම යන්න කලින් මට call කරල යනව…ගුරුවරයෙකුට දෙන්න පුළුවන් වටිනම තෑග්ග මගේ සෙනූ Senuka Rehan මට දීල ඉවරයි…ඊලඟ බලාපොරොත්තුවත් මම එයාට කිව්ව්.. ඒකත් එයා මට කරල පෙන්නනව.. මට පොරොන්දු වෙලයි අද ගියේ.
by TaboolaSponsored Links
You May Like

Local Gossip