Home දේශිය පුවත් ඇල්ල බස් අනතුරේදී මගී ජීවිත බේරාගත් විශේෂ බළකා සෙබළාට ඇගයීමක්

ඇල්ල බස් අනතුරේදී මගී ජීවිත බේරාගත් විශේෂ බළකා සෙබළාට ඇගයීමක්

0
63

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසලදී පසුගියදා (04) සිදු වූ මාරක බස් රථ අනතුරෙන් විපතට පත් වූ මගීන් බේරා ගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 02 වැනි විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාර යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ විසින් ඇගයීමට ලක් කර තිබෙනවා.

ඒ අනුව, මගීන් මුදවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහයෝගය දක්වමින්, එහි ගමන් ගත් මගීන් බේරා ගැනීමට කටයුතු කළ ලාන්ස් කෝප්‍රල් බණ්ඩාරගේ නිර්භීත ක්‍රියාව යුද හමුදා මුලස්ථානයේදී ඇගයීමට ලක් කර ඇති බව සඳහන්.

රාජකාරියෙන් බැහැරව නිවාඩු ලබා සිටියදී වුව ද, එම ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල යෙදී සිටිය දී, ඔහුගේ හිසට බරපතළ තුවාල සිදු වුව ද, ඒ ගැන නොතකා සිදු කළ නිර්භීත ක්‍රියාව අගය කළ යුද හමුදාපතිවරයා ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර වෙත මූල්‍යමය පරිත්‍යාගයක් ද පිරිනමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Previous article“එදා නොදන්න කෙල්ලෙක් ගැන මං ගොඩක් සතුටු වුණා.. ඒ එයත් මං වගේම දිනුම් නිසා..” හැමෝගෙම ආදරය දිනාගත්ත කුමුදුමාලි ඇගේ මුහුණුපොතට ඇය ගැන විශේෂ සටහනක් එක්කරයි..
Next articleරටක්ම කම්පා කල ඇල්ලේ බස් රථ අනතුර ඇසෙන අලුත්ම හෙලිදරව්ව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights