වැටෙන තැන් වල අඩියටම වැටුනම
මිනිස්සු මහ රූස්ස ගස් වගේ හයිය වෙනවා..!
මේ කියමන එසේ මෙසේ කියමනක් නෙමෙයි,
ලොවක් දන්න ලෝක පූජිත විරාට් කෝලි එදා ඔහුට වයස අවුරුදු 18දී ප්‍රාන්ත තරගයක් අතරතුර නොදැවී ලකුණු 40ක් ලබාගෙන සිටියදී තමන්ගේ පියා අභාවප්‍රාප්ත වෙනවා. එදා තම පියාගේ අවමංගල්‍යයට සහභාගි වුනු කෝලි පසුදා යලිත් තරගයට සහභාගි වෙලා ලකුණු 90ක් ලබාගෙන තමන්ගේ කන්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යනවා.
ඒ 2006 දෙසැම්බර් 18 වෙනිදා…
සිය පියාණන්ගේ වෙන්වීම සිහිපත් කරමින් කෝලි ජර්සි නම්බර 18 පැලදගෙන සිය පියා වෙනුවෙන් පුතෙකුට දෙන්න පුලුවන් උපරිම ගෞරවය ලබා දෙන්නේ වර්තමානය වෙද්දී ලෝක පූජිත ක්‍රිකට් තරුවක් බවට පත්වෙලා…
ඒ ඉන්දියාවේ…
2008දී ලංකාවෙත් ඒ වගේම දෙයක් වෙනවා.
එදා අද ලොවක් දන්න චමරි අතපත්තුව පුහුණුවීම් සදහා ගෙනත් දාලා යන අතරමග චමරිට එයාගේ ජීවිතේ වටිනාම වස්තුව වුන එයාගේ ආදරණීය තාත්තා අහිමි වෙනවා.
අද වෙද්දී චමරි තමන්ගේ තාත්තා වෙනුවෙන් දෙන්න පුලුවන් හොඳම ගෞරවය ලබාදීලා ශ්‍රී ලාංකීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම ක්‍රිඩිකාව වෙනවා.
එදා 2007 ලෝක කුසලානයේදී එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එරෙහිව යුවරාජ් සිං පන්දුවාරයකට හයේ හයක් රැස් කරනවා. අවසානයේ එතැනින් නොසැලුන බ්‍රෝඩ් එංගලන්ත ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙක් වෙලා සිය ක්‍රිකට් දිවිය නිමා කරනවා.
එදා 2016දී ලෝක කුසලාන අවසන් තරගයේදී බෙන් ස්ටෝක්ස්ට අවසන් පන්දුවාරයේ පිට පිට හයේ පහරවල් 4ක් ලබාගෙන එංගලන්තය අතේ තිබුන ලෝක කුසලානයක් කොදෙව්වන් උදුරා ගන්නවා. එතැනින් නොසැලුන බෙන් ස්ටෝක්ස් අවසානයේ 2019දී එංගලන්තයට සිය කුළුදුල් ලෝක කුසලාන හීනය සැබෑ කරනවා. අද වෙද්දී එංගලන්තය ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බවට පත්වෙලා ඉන්නවා.
මචං දුනිත්….
පාසල් කාලේ ඉදන්ම අතිදක්ෂ නායකත්වයේ ගුණාංග පෙන්නපු
තුන් ඉරියව්වෙන්ම කැපීපෙනෙන දක්ෂතා පෙන්නපු,
2021 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානයේදී කැපීපෙනෙන නායකත්වයේ දක්ෂතා පෙන්නමින් මගේ රට උපරිම දුරක් රැගෙනවිත් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වුනු,
2022 තමන්ගේ මංගල එක්දින ජාත්‍යන්තර තරගාවලියේ ප්‍රභල ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වුනු,
ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේදී අසලංක එක්ක අමතක නොවන ජයග්‍රහණයක් මගේ රටට ලබා දුන්නු,
2023 ආසියානු කුසලානයේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව නොදැවී ලකුණු 33ක් රැස් කරමින් මගේ රට දිනවපු,
ලෝක පූජිත විරාට් කෝලිලා, රොහිට් ශර්මා ෆුල් හොල්මන් කරලා ඉන්දියාවට එරෙහිව ඒ ආසියානු කුසලානයේම කඩුලු 5කුත් අරන් පිත්තෙන් නොදැවී ලකුණු 42ක සටන්කාමී ඉනිමක් දියත් කරපු,
ඇයි උඹට බැරි මහා රුස්ස ගසක් වගේ හයිය චරිතයක් වෙන්න.
විශ්වාසයි ! උඹට ඒ ගට තියෙනවා…
කෝලිලා, චමරිලා වගේම දවසක වෙල්ලාලගේ නමත්
මේ ලෝක ක්‍රිකට් අඹරේ,
දැවැන්ත නමක් කරන්න හයිය උඹේ ඇගේ තියෙනවා.
මේ ක්‍රිකට් එකට සමුදෙන දවසක,
වෙල්ලාලගේ නාමය
ලෝකේ ගෙනියන්න පුලුවන්,
උපරිම තැනට ගෙනියපං දුනිත්…
ඒ තමයි දරුවන්ගේ සාර්ථකත්වය දැකලා නිහඬව සතුටු වෙමින් කරන්න පුලුවන් හැමදේම කරපු ඒ ආදරණීය තාත්තා වෙනුවෙන් පුතෙකුට දෙන්න පුලුවන් උපරිම ගෞරවය…!
ආන්න ඒ දවස එනකල් උඹත් එක්ක රටක්ම ඉන්නවා…❤️
REMEMBER THE NAME DUNITH WELLALAGE !
✍️ | Rishie Bro