ඔබේ ශරීරයේ මේ මේ ස්ථානවල ලප දැකගන්න ලැබෙනවා නම්, සමහරවිට එය පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්..

ඔබේ ශරීරයේ මේ මේ ස්ථානවල ලප දැකගන්න ලැබෙනවා නම්, සමහරවිට එය පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්..

 

සමේ පැහැය සහ සෞම්‍යභාවය පවා පුද්ගලයාගේ ආකර්ෂණය හා ආත්ම විශ්වාසය තීරණය කරන මූලික සාධකයන් බව ඔබ දන්නා කාරණයක් නේ..

ඒත් මේ කියන්න ‍යන්න යන්නේ සමහරවිට ඔබ නොසිතන විදිහක කතාවක් වෙන්නත් පුළුවන්..

සමේ දිස්වන අඳුරු පැල්ලම් බොහෝවිට සරල රූපලාවණ්‍ය ගැටලුවක් ලෙස පෙනුණත්, ඒවා ශරීරයේ අභ්‍යන්තර සංකේතාත්මක වෙනස්කම්වලට ඉඟි විය හැකියි..

මේ ලප කැළැල් ගැන හැඳීන්වීමක් කළොත් ?

සමේ සමහර ස්ථාන අනෙක් ස්ථානවලට වඩා රළු වී, කළු පැහැ ගැන්වී තිබෙන අවස්ථා සමහර විට ඔබට දකින්න ලැබිලා ඇති. ඇතැම් විට මේ කළු පැහැ ලප රැළි ගැසුණු වෙල්වට් ස්වභාවයක් ගන්නවා. මේ තත්ත්වයට ආයුර්වේදයේ කියන්නේ ව්‍යංගා (මුහුන ප්‍රදේශයේ ඇතිවන ලප) හා චර්ම කීල ( ඇඟේ ඇති වන ලප) කියලයි. මේ තත්ත්වය සමහරවිට පිළිකා වැනි භයානක රෝගයක පෙරනිමිත්තක් වෙන්න ඉඩ තියෙන නිසා මේ ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. අවුරුදු හතළිහට වැඩි හෝ තරබාරු නොවන අයෙකුගේ ශරීරයේ මෙවැනි ලපයක් හදිසියේ ඇතිවුවහොත් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පැතිය යුතුමයි.

ලප ඇති වන ස්ථාන මොනවද?

මෙවැනි රළු ලප වැඩි වශයෙන් ඇතිවිය හැක්කේ කිහිල්ල, බෙල්ල, දණහිස ඇතුළත හෝ පිට, මුහුණේ, ඉකිලිවල, කලවා ආශ්‍රිතව, වැලමිටේ ඇතුළත සහ පිටත, පෙකණිය අසල, ප්‍රජනන අවයවවල, අත්ලේ, පිටි අත්ලේ සහ නකල්ස් ප්‍රදේශවල, දෙපතුල්වල, තොල්වල සහ පපු ප්‍රදේශය වැනි ස්ථාන වලයි.

අත්ලේ සහ පතුලේ ඉතා ඝන ලෙස පිහිටන මෙවැනි ලප ගැන සැලකිලිමත් වී වෛද්‍යවරයෙකුට පෙන්වීමෙන්, එය පිළිකාවක ලක්ෂණයක්දැයි හඳුනාගන්න පුළුවන්. මේවා ලපවලට අමතරව ඉන්නන් ලෙසද පිහිටා තිබිය හැකියි.

මේ රෝගී තත්ත්වය මඟින් රූපය අවලස්සන වනවා. මේ ලප වැඩිපුර ඇතිවන්නේ ආසියාතික සහ අප්‍රිකානු රටවල ජීවත්වන පුද්ගලයන් අතරයි.

ලප ඇතිවන ස්ථානය අනුව පිළිකා ලක්ෂණ හඳුනාගන්නේ කෙහොමද?

මේ ලප අත්ලේ මතුව ඇත්නම් එය 95%ක්ම ආමාශය පෙණහලු වැනි ස්ථානයක පිළිකා අවදානමක් විය හැකියි. කිහිල්ලේ මතුව ඇත්නම් එය ආමාශයේ පිළිකාවක ලක්ෂණයක් විය හැකියි.

මේ තත්ත්වයන් ජානමය හේතුවක් වශයෙන් ඇතිවේ යැයි දැනට සැක පහළ කර තිබෙන අතර ඇතැම් දරුවන් ඉපදුණ විට මේ තත්ත්වය දැක ගතහැකිණි. එසේ නැතිනම් ළමා කාලයේ ඇති විය හැකි අතර එම තත්ත්වය තරුණ වයස වන විට වඩාත් වැඩිවන්නට ඉඩ තිබෙනවා. තුන්වැනි අවස්ථාව සැලකුවහොත් වර්තමානයේ බහුලව දියවැඩියා රෝගීන් ඉන්න නිසා මෙය ඉන්සියුලින් ප්‍රතිරෝධක අවස්ථාවක් ලෙසත් හඳුන්වා දිය හැකියි. එමෙන්ම වෙනත් රෝග අවස්ථාවන් පවතින විටද ලප ආදිය ඇති වෙනවා.

අත්ලේ හා පතුලේ මෙය ඉතාමත් ගණව ඇතිවන අතර මෙය පිළිකා හඳුනාගන්නට ඉවහල්වන ලක්ෂණයක් ලෙසද සැලකෙනවා. ඉන්නන්ගේ ස්වරූපයෙන්ද මේ ලප ඇතිවිය හැකියි. පිටි අත්ල පිළිබඳ සැලකුවහොත් මේවා පිටි අත්ලේ නකල්ස් ප්‍රදේශයේද ඇතිවෙනවා. එමෙන්ම ශරීරය පුරාම ඇතිවීමට ඉඩ තිබෙනවා.ඊට අමතරව 60%ක පමණ ආමාශයේ පිළිකාවන් ඇති විය හැකිය. පියයුරු පෙණහලු, වකුගඩු පිත්තාශය, ගර්භාශ ආදී ස්ථානයන්හි පිළිකාවක් ඇතිවන අවදානමක් ලෙසත් මේ ලක්ෂණ කෙනෙකුගෙන් පහළ විය හැකියි. මේ තත්ත්වය සමහර අවස්ථාවලදී කුඩා දරුවන්ගේද ඇති වන්න පුළුවන්. වයස අවුරුදු 40 ට වඩා වැඩි නම් ශරීරය තරබාරු පුද්ගලයකු නොවේ නම් ඇතැම් විට ශරීර අභ්‍යන්තරයේ පිළිකාමය තත්ත්වයක් ලෙස සලකනු ලබන නිසා නොසලකා හැරීම අවදානම් සහිතයි.

ලප ඇසුරින් එසේ දැනගත හැකි වෙනත් රෝග මොනවද?

තයිරොක්සින් හෝමෝනය අඩුවීම, පිටියුටරි ග්‍රන්ථියේ රෝග ඇතිවීම, පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් රෝගයේදී සහ කුෂින් සින්ඩ්‍රොම් ඇතිවිට මෙන්ම දියවඩියා රෝගය ඇතිවිට, සහ මන්ද බුද්ධික බව නිසා මේ ලප ඇති වන්න පුළුවන්.

දැන් අපි මෙම ලප ඇතිවීමට හේතු සලකමු. ඇතැම් ඖෂධ වර්ග භාවිතය. ඇල්කොහොල් භාවිතය හේතුවෙන් හටගන්නා සිරෝසිස් පාලනය කිරීමට ලබා දෙන ඖෂධ ද හේතු විය හැකියි. උපත් පාලන පෙති භාවිතයේදී මෙන්ම සියයට දහයකට පමණ වකුගඩු බද්ධ කළ පසුව මේ ලප ඇති විය හැකියි.

මෙය පිළිකා තත්තවයක් නොවේ නම් නිට්ටාවටම සුව කළ හැකිද? එයට ඇති ආයුර්වේද ප්‍රතිකාර මොනවද?

ප්‍රථමයෙන්ම ඇඟ නිවීමට ශරීර ශෝධනයක් කළ යුතුයි. (බඩ විරේකයක් කළ යුතුය )

මුහුණේ පවතින ලප සුව වීමට සූදුරු තැම්බු වතුර හා රෝස වතුරෙන් මුහුණ සේදිය හැකි ය.

තුල්සි වතුරෙන් සේදිය හැකිය.

සිරුරේ පවතින ලප සුව වීමට වැල් මදට, කඩල පිටි, කස්තුරි කහ මිශ්‍ර කොට පේස්ට් එකක් ලෙස සාදා මුළු සිරුරේම ආලේපනය කොට සෝදා හරින්න.

සුදුසු හා නුසුදුසු ආහාර මොනවාද ?

සුදුසු ආහාර :

පත්තක්කා, අලිගැට පේර, දොඩම්, පිපිඤ්ඤා, තැඹිලි, සව් කැඳ වැනි සීතල ආහාර

නුසුදුසු ආහාර :

සීනි සහ කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර කිරි ආහාර, ක්ෂණික ආහාර, හරක් මස්, එළු මස්, ඌරු මස්, දැල්ලන්, කකුළුවන්, ඉස්සන් වැනි උෂ්ණ ආහාර.

එසේම මෙය පිළිකා තත්ත්වයක් නොවුණහොත් නිට්ටාවටම සුව කිරීමට හැකි ප්‍රතිකාර රැසක් ආයුර්වේදයේ පවතිනවා.

බොහෝ දෙනකුගේ ශරීරයේ පවතින ප‍‍්‍රසන්න බව නැති කිරීමටත්, මානසික පීඩනයක් ගෙන දීමටත් හේතුවන ගැටලුවක් ලෙස අසාමාන්‍ය ලෙස කළු ලප ඇතිවීම හැඳීන්විය හැකි අතර ඒ සඳහා ප‍‍්‍රතිකාර කිරීමේදී නිසි වෛද්‍ය උපදෙස් මත හොඳීන් දැනුම්වත් වීම මඟින් මේ තත්ත්වය නිට්ටාවටම සුව කර ගත හැකියි.

Uncategorized