පිළිකා සෛල තව දුරටත් පැතිරීම වළකන බොහෝ අය නොදැන සිටි ඖෂධීය ගුණයෙන් පිරි ආහාර ….

පිළිකා සෛල තව දුරටත් පැතිරීම වළකන බොහෝ අය නොදැන සිටි ඖෂධීය ගුණයෙන් පිරි ආහාර ….

 

 

පිළිකා රෝගීන්ට ගුණදෙන ආහාර මොනවද කියලා තමයි මේ කියන්න හදන්නේ…

පිළිකා සෛල විනාශ කරන ආහාර වර්ග සහ පලතුරු වර්ග අපි අවට මොනතරම් තියෙනවද? බලන්නකෝ මේ ලිපිය කියවලා…

කරවිල

පෝෂණ ගුණයෙන් සපිරි එළවළුවකි.

පිළිකා රෝගීන්ට ගුණදෙයි. කිරිදෙන මව්වරුන්ට හා ගැබිනි මව්වරුන්ට යෝග්‍ය ආහාරයකි. නමුත් එහි පවතින තිත්ත ගතිය නිසා වැඩිදෙනා මෙම එළවළුවට ප්‍රිය නැහැ. දියවැඩියාවට ගුණදෙයි.

එනම් රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කිරීමයි.

රුධිරය පිරිසිදු කිරීමේ ගුණය ඇත. පිළිකා නාශක ගුණයට අමරතව රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. සමේ පලු දැමීම දුරු කරයි.

ඇස්වල දීප්තිමත් භාවය රැක දෙයි. අර්ශස් රෝගීන්ට ගුණ දෙයි.

හේතුව මල බද්ධය නැති කරන බැවිනි. අධික තරබාරුව නැති කරයි. අත් පා වල හිරිගතිය දුරු කරයි.

අකලට කෙස් වැටීම නැති කරයි. පණු රෝග නැති කරයි. කරවිල විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා, බඩවැලේ ඇතිවන පිළිකා හා පියයුරු පිළිකා සඳහා ගුණ දෙන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත.

මෙය පිසීමේදී කැබලිවලට කපා ලුණු වතුරේ බහා තබා පිස ගත හැකියි.

රාත්‍රී කාලයේදී ආහාරයට ගැනීම සුදුසු නැතැයි පවසන්නේ රාත්‍රියේ ඇවිදීමේදී සර්ප දෂ්ටනයකට ඇති බිය නිසාය. මන්දයත් කරවිල නිසා සර්ප විෂ වේගයෙන් සිරුරට අවශෝෂණය වීම වැඩි වේගයකින් සිදුවන බැවිනි.

අනෝදා

අනෝදා පලතුරකි. විශේෂයෙන්ම මෙහි පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් ඇත. බඩවැලේ පිළිකා, පෙනහලු පිළිකා අගන්‍යාශයේ පිළිකා, අන්ත්‍ර පිළිකා, පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාවක් පවතී.

වෛරස් බැක්ටීරියා නාශක ගුණය හා බඩවැල්වල සිටින පණුවන් නැති කිරීම් එසේම අධික රුධිර පීඩනය නැති කිරීමට ද උදව් වේ. මානසික ආතතිය දුරලයි. ස්නායු ආබාධවලට ගුණයි. ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි.

මුහුණේ පැහැය ඇති කරයි. හෘද රෝග නැති කරයි. ඇදුම නැති කරයි. ඇස් රෝග නසයි. මුත්‍රා ගල්වලට ගුණ දේ. පිත්තාශගත රෝග නසයි. ඇට මිදුළු හා දත් ශක්තිමත් කරයි. මාංශ පේශීන් වර්ධනය කරයි. දියවැඩියාව පාලනය කරයි.

පිළිකාවකදී ඇතිවන හිසකේ ගැලවී යාම, බර අඩුවීම වැනි ලක්ෂණ අඩු වේ. ශරීරයේ බලය ඇති කරයි.

ශක්තිය ඇති කරයි. මනා ප්‍රසන්න පෙනුමක් ඇති කරයි. අනෝදාවල පිළිකා නසන ගුණ රාශියක් ඇති බව නූතන පර්යේෂණවලින් ඔප්පු කර ඇත. අනෝදා පිළිකා වර්ග කිහිපයකට ගුණ දෙන බව සොයාගෙන ඇත.

මෙහිදී සිදුවන්නේ පිළිකා වර්ධන වේගය අඩු කිරීමයි. ශරීරය දුර්වල වීමට ඉඩ නොතබයි. නමුත් ශරීරයේ හොඳ සෛල විනාශ කරන්නේ නැත. අනෝදා, විෂ්මයාර්ථ ගුණදෙන පලතුරකි. මුත්‍රා සමඟ රුධිරය පිටවීම නවතියි. මුත්‍රා දැවිල්ල දුරු කරයි. තුවාල සුව කිරීම ඉක්මන් කරයි. සමේ රෝග නැති කරයි.

සන්ධි රෝගවලට ගුණදෙයි. කකුල් ඉදිමුම නැති කරයි. දත් හා අස්ථි ශක්තිමත් කරයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් මෙහි ඇති පෝෂක කොටස්වලින් කොටසකි. විටමින් ඛ් හා ක්ෂුද්‍ර පෝෂක, සෝඩියම් මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම් ඇත.

රතු අල හෙවත් බීට් රූට්

පිළිකා නසන ගුණය ඇත. මල බද්ධය දුරු කරයි. තුවාල ශෝධනය කරයි. අධික රුධිර පීඩනය අඩු කරයි. පිළිකා සෛල වර්ධන වේගය අඩු කරයි. පිළිකා සෛල නැති කරයි. අක්මාව හඅඹා වකුගඩු ආරක්ෂා කරයි.

අධික තරබාරුව නැති කරයි. ප්‍රදාහ නැති කරයි. රුධිරය නිපදවීමට උදව් වේ. බඩදැවිල්ල නැති කර දමයි. බඩ තුළ හටගන්නා තුවාල නැති කරයි. දත් මුල්වලින් රුධිරය පිටවීම නැති කරයි. සම පැහැපත් කරයි. අක්මා රෝග දුරලයි.

පිත්තාශයේ රෝග ද දුරු කරයි. නහර ගැට ගැසීම වළකයි. අතීසාරයට ගුණයි. අර්ශස් නැති කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. දත් ශක්තිමත් කරයි. අස්ථි ශක්තිමත් කරයි.

මල පිටවීම පහසු කරයි. බීට් රූට් ආහාරයට ගැනීමෙන් පසු හොඳින් වතුර පානය කළ යුතු වන්නේ ශරීරයේ පවතින විෂ කොටස් පහ කිරීමට පහසු මඟක් වීම හේතු කොටගෙනයි. බීට්රූට් පිසීමේදී අධික තාපය අහිතකර වේ.

මන්ද යත් විටමින් වර්ග ඉවත්ව යන නිසයි. විටමින් ඛ් වලට අමතරව ඕ2 සහ ඕ6 මෙන්ම ක්ෂුද්‍ර පෝෂක කොටස් වන කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, මැංගනීස්, කොපර්, සෝඩියම් ඇත. යකඩ බහුලව ඇත.

දුරියන්

මනා ගුණදෙන පලතුරකි. කාන්තා රෝගවලට ගුණදෙයි. සිරුර සිසිල් කරයි. බලය වඩයි. ශක්තිය වඩයි. පිපාසය දුරලයි. වද භාවය නැති කරයි. පුරුෂ ශක්තිය වඩයි. පිළිකා නසන ගුණය ඇත. පිළිකා සෑදීමේ වේගය අඩු කරයි.

ඇස් පෙනීම දියුණු කරයි. සම රැළි වැටීම නැති කරයි. කෙස් දීපිතිමත් කරයි. ඇස් දීප්තිමත් කරයි. කෑම රුචිය වැඩි කරයි. ආහාර හොඳින් දිරවයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.

ඇට මිදුළු සහ දත් ශක්තිමත් කරයි. තරුණ බව රැක දෙයි. විදුරුමස්වලින් ලේ ගැලීම නැති කරයි. හොඳින් කන් ඇසීම ඇති කරයි.
ස්නායු රෝගවලට ගුණ දේ. කොලෙස්ටරෝල් හා දියවැඩියාව නැති කරයි.

විදුරුමස් ශක්තිමත් කරයි. තරුණ බව රැක දෙයි. විටමින් ඛ් බහුලයි. ක්ෂුද්‍ර පෝෂක ලෙස සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම් ඇත. කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන් යන ප්‍රධාන පෝෂක ද බහුලව ඇත.

දෙළුම්

පලතුරු අතර සෞඛ්‍යසම්පන්න බවින් ඉහළ ම පලතුරක් ලෙස සැලකෙන දෙළුම්වල, අනෙක් පලතුරු හා සම කළ නොහැකි, සිරුරට ඉතාමත් හිතකර සංයෝග අඩංගු වේ. විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ, දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බව ය.

පලතුරුවල කලාතුරකින් දක්නට ලැබෙන ප්‍රබල ශාක සංයෝග ද්විත්වයක් වන පුනිකැලජින්ස් සහ පියුනිසාක් අම්ලවලින් ද දෙළුම් පරිපූර්ණ ය. අතිශය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන පුනිකැලජින්ස්, දෙළුම් යුෂවල සහ පොත්තේ බහුල වශයෙන් අඩංගු වේ. එය කොතරම් ප්‍රබල ද කිවහොත්, රතු වයින් හෝ හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක බව මෙන් තුන් ගුණයකින් යුක්ත ය.

පිළිකාවට එරෙහිව සටන් වැදීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන පියුනිසාක් අම්ලය අඩංගු වන්නේ දෙළුම් ඇටවල ය. මේ නිසා ම පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා දෙළුම් ඇට මඟින් ලබා ගන්නා තෙල් යොදා ගැනේ.

පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන් ම, බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහිව දෙළුම් යොදා ගත හැකි බව මේ වනවිට පර්යේෂණ මඟින් තහවුරු වී ඇත. ඒ අනුව පිළිකා සෛල වර්ධනය වන වේගය අඩාළ කිරීමේ හැකියාව දෙළුම් සතු ය.

පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක දී ඒ මඟින් නිපදවන PSA (prostate specific antigen) නම් ප්‍රෝටීනයේ නිෂ්පාදන වේගය ඉතාමත් කෙටි කලක් තුළ දී දෙගුණයක් වන අතර , පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන අයෙක් දිනකට දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් පානය කළහොත්, සති 15 කින් දෙගුණ වන PSA හි නිෂ්පාදන වේගය , සති 54කින් දක්වා කල් යන බව ය.

උපුටාගැනීම අන්තර්ජාලයෙන්…

Uncategorized