ඇය ඇත්තෙන්ම සරාගිනියක්. කාගේත් අවදානය දිනාගත්ත මේ තාරකාව ගැන නොදන්නේ කවුද..?
පියුමි හංසමාලි, මේ දවස්වල ඇය ගැන එක එක විදිහේ කතා අහන්න දකින්න ලැබෙනවා.
ඒත් ඇය තවමත් එදා වගේමයි. ඒ සිනාමුසු මුහුණ, කෙළිලොල් දඟකාරබව තවමත් පියුමිගේ එදා වගේමයි. කතා ගොඩක් මැද ඇය තව තවත් ශක්තිමත් කාන්තාවක් වෙනවා.
ඒ විතරක් නෙවෙයි, ඇය නම් කියන්නේ තවමත් ඇය තමන්ගේ ඉලක්ක, අරමුණු වෙනුවෙන් කටයුතු කරනවා කියලා තමයි. කොහොම වුණත් ඔන්න පියුමිට රංගනයට එන්නත් අදහසක් තියනවාලු.
ඒ වගේ අවස්ථා කලින් නම් ඇය මගහැරගත්තත්, ඉස්සරහට රසිකයින්ට පියුමිව නිර්මාණ හරහා දැකගන්න ලැබේවි කියන ඉඟියක් ඇය ලබාදෙනවා. මේ අන්න ඒ ගැන පියුමි කියූ කතාවයි.
