Home දේශිය පුවත් එදා නම් තරින්දිගේ ජීවිතේ අමතක නොවන දවසක් වේවී… ජනප්‍රිය රංගන ශිල්පී තරින්දි...

එදා නම් තරින්දිගේ ජීවිතේ අමතක නොවන දවසක් වේවී… ජනප්‍රිය රංගන ශිල්පී තරින්දි ප්‍රනාන්දු පටන් ගත්ත අලුත්ම වැඩේ මෙන්න…

0
105

 

ජනප්‍රිය නිළි තරින්දි ප්‍රනාන්දු පසුගියදා (28) සිය උපන්දිනය අති උත්කර්ෂවත් අන්දමින් සැමරුවා.

ඒ, කලා ක්ෂේත්‍රයේ ආදරණීයන් එක්ක.

තරින්දිට මේ උපන්දිනය අන් කවරදාටත් වඩා විශේෂ එකක් කිව්වොත් හරි.

ඒකට හේතුව, කලාකාරිනියක් ලෙස අපි දන්න තරින්දි ප්‍රනාන්දු නාමය, ව්‍යාපාර ක්ෂේත්‍රයෙනුත් ඇහෙන්නයි යන්නෙ.

ඒ, “TARIF” වෙළඳ සන්නාමය එක්ක.

තරින්දිගේ “TARIF” කියන්නෙ, විලාසිතා සන්නාමයක්.

ඉතින්, මේ ආරම්භයත් එක්ක පටන් ගත්ත නව පරිච්ඡේදය ගැනත් සඳහන් කරමින්, උපන්දිනයට සුබපැතුම් එකතු කළ කාටත් තරින්දි මේ විදියට ස්තුති කරලා තිබුණා.

”28 වන දින මගෙ ජීවිතේ ලස්සනම දවස…. මගෙ උපන්දිනය
මගේ ආදරණීය අම්මා අද ඔයාල ආදරේ කරන තරුව ලෝකෙට බිහි කරපු ඒ ලස්සන දවස……

ඉතින් ඒ ලස්සන දවස වෙනුවෙන් මට කතා කරල, message කරල, තෑගි,මල් එවල සුබ පැතුම් එක්කරපු මට ආදරේ කරන,මගේ සතුටෙදි අවංකව මාත් එක්ක සතුටු වෙන ,දුකකදි මගේ දුක බෙදාගන්න ලඟින් ඉන්න ,මගේ ජයග්‍රාහී තැන් වල අවංකව සතුටුවෙන ,පරාජය වන තැන්වල මගේ හයියට ඉන්න මගෙ අම්ම,තාත්ත,අක්ක,සඳෙව්,චතුර වගේම මගේ නැදෑයන් ,යාළුවො,(ක්ෂේත්‍රයේ ,ගමේ, බැංකු ක්ෂේත්‍රයේ,රටවල්වල),ගුරුවරු
සහ මගේ ආදරණිය උත්තේජනය මගේ ප්‍රේක්ෂක පිරිසට ස්තූතියි.

28 වන දිනෙන් ආරම්භ වුන මගේ අලුත් අවුරුද්ද, රංගන ක්ෂේත්‍රය තුල වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුල නව පිබිදීමක් සමග ආරම්භ කරන්න මේ දවස් වල මම මහන්සි වෙනව….ඒ ගැන තොරතුරු ඉක්මනටම ඔබ අතරට ඒවි……

එහෙනම් මම නවතින්නම්……ස්තූතියි නැවතත් මගේ උපන් දින සුබ පැතුම් වලට….
බුදු සරණයි ජේසු පිහිටයි
ආදරෙයි
තරින්දි ප්‍රනාන්දු ”

අලුත් ආරම්භයට Channel E අපෙනුත් උණුසුම් සුබපැතුම් ❤

#ChannelE #TARIF #TharindiFernando

Previous articleඅලුත් දවස ආරම්භයේදීම රන්මිල ගැන විශේෂ ආරංචියක්…
Next article“සමහර කාන්තාවො බිරිඳක් මවක් වුණාම තමන්ව අතෑරලා පවුල වෙනුවෙන් ජීවිතයම කැපකරනවා…” කලකට පසු රසිකයින් ළඟට ආව තාරුකා මේ කියන්නේ නම් වෙනස්ම කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights