Home Uncategorized ඔයත් විසිකරන පරණ ඇඳුම්වලින් ගෙදර පිරිසිදු කරනවාද..? ඒ පුරුද්ද නතර කරන්න දැන්...

ඔයත් විසිකරන පරණ ඇඳුම්වලින් ගෙදර පිරිසිදු කරනවාද..? ඒ පුරුද්ද නතර කරන්න දැන් කාලේ හරි..

0
2693

සමහරවිට ඔබටත් මේ පුරුද්ද ඇති. ඒ තරම් හිතන්නෙ නැති වුණත් මේකෙත් අහිතකර පැත්තක් තියෙනවා කියන එක ඔබ දැනගත යුතුම දෙයක්..

මොකක් ගැනද මේ කියන්නේ.. භාවිතයෙන් ඉවත් කළ ඇඳුම් ඔබ නිවසේ විවිධ වැඩවලට භාවිතා කරනවා නේද…? ගොඩක් වෙලාවට විවිධ දේවල් පිස දාන්න මේ වගේ ඇඳුම් ඔබ භාවිතා කරනවා ඇති..

එහෙනම් මෙන්න මේක ගැන අනිවාර්යයෙන්ම දැනගන්න.. කිසියම් පුද්ගලයෙක් භාවිතා කළ ඇඳුම්වල ශක්තියක් රඳා පවතිනවා.. පැරණි ඇඳුම්වල එය හැඳ සිටි පුද්ගලයාගේ හොඳ සහ නරක ආදී බොහෝ ශක්තීන් රඳවා තබා ගන්නවා..

මේ නිසා එවැනි ඇඳුම් නිවසේ විවිධ දේවල්වලට යොදාගැනීම ඒ තරම් හොඳ වෙන්නේ නැහැ.. මෙමගින් ධනය, වෘත්තිය, ඔබගේ ගෞරවය ආදී සාධකවලට බලපෑම් ඇති කරනවා වගේම සුබ ග්‍රහ පිහිටීම් ආදිය දුර්වල කරනවා..

එම නිසා පැරණි ඇඳුම්වලින් නිවස මොප් කිරීම නැත්නම් කිසියම් දෙයක් පිස දැමීමට යොදා ගැනීම කිසිවිටෙකත් ඔබ නොකළ යුතු දෙයක්..

ඒ විතරක් නෙවෙයි, ඔබ ගෙදර බඩු මුට්ටු පිරිසිදු කිරීමට භාවිතා කරන රෙදි කැබැල්ල, අතුගාන්න පාවිච්චි කරන කොස්ස , මොප් කරන්න භාවිතා කරන මොප් එක පිරිසිදුව තබාගන්න වග බලාගන්න.. පුළුවන් හැම වෙලාවකම ඒ දේවල් හොදින් පිරිසිදු කරන, සුවඳවත්ව තබාගන්න..

මන්ද එහි ඇති ශක්තිය පිරිසිදු කිරීම්වලට පැමිණි විට ඉතාමත් වැදගත් වෙනවා.. ඒ වගේම පරණ ඇදුම් මේ දේවල් වලට භාවිතා කළොත්, අපිට තවත් අපි අකමැති ශක්තිය අපේ ගෙදර තියාගෙන ඉන්නවා නේ… ගෙදර මුදල් උපයන පුද්ගලයාගේ කිසිම ඇදුමක් පිරිසිදු කිරීම් සදහා නොගන්න, මන්ද එයින් ඔහු හෝ ඇයව පහත ලෙස සැලකීමක් වැනියි.. එයින් ඔවුන්ගේ ශක්තිය බාල විය හැකියි..

අපගේ නිවස අපගේ ජීවිතයේ වැදගත්ම දෙය, එය විශාල හෝ කුඩා වුවත්, නිවස තුළ ශක්ති මට්ටම ඉහළ මට්ටමක තබා ගන්න, එය අප රාත්‍රියේ නිදාගන්නා ස්ථානය වන බැවින්, බොහෝ ශක්තීන් ඔබට එරෙහිව සහ හිතකර ලෙස ක්‍රියා කරන වෙලාවයි..

මේ නිසා ගෙදර දොර පිරිසිදු කිරීමට ඔබේ පරණ හෝ අලුත් ඇදුම් කිසිසේත්ම පාවිච්චි නොකරන්න වග බලාගන්න.. ඒ පුරුද්ද ඔබේ ජීවිතයට යහපතක් ළඟාකරාවි..

අන්තර්ජාලය ඇසුරෙන්..

 

Previous articleගෙදර ඉදන් පෙනහළු සුද්ද කරගන්න මෙන්න ඔයාටත් සුපිරිම ඖෂධයක්..
Next articleකොලෙස්ටරෝල් මට්ටු කරන කෙට්ටු වෙන්න කැමති අයට බොන්න මේ විශ්මිත පානය ගෙදරදීම හදලා බලන්න…
error: Content is protected !!
Verified by MonsterInsights