Home Uncategorized ඔබත් කළුවරේ නානවාද ?එහෙනම් ඔබට සැනසිලිදායක සුවයක් ඇති බව නිසැකයි. නවතම අනාවරණ‍යක්...

ඔබත් කළුවරේ නානවාද ?එහෙනම් ඔබට සැනසිලිදායක සුවයක් ඇති බව නිසැකයි. නවතම අනාවරණ‍යක් මෙන්න.

0
49

ඔබ දන්නවාද අඩ අඳුරේ හෝ සම්පූර්ණයෙන් විදුලි පහන් නිවා දැමූ, සුවඳවත් සන්සුන් වටපිටාවක ස්නානය හෙවත් අඳුරේ ස්නානය මගින් කාංසාව (anxiety), ADHD හෝ නින්ද නොයාම (insomnia) සමඟ පීඩාවිඳින පුද්ගලයින්ට සැනසිලිදායක සුවයක් අත්කරදෙන බව.

ඔව් ඒක ඇත්ත… නවතම පර්යේක්ෂණ වලිනුත් මේ බව අනාවරණය වෙලා තියෙනවා. කාංසාවෙන් පෙළෙන ඕනෑම අයෙකුට අඳුරේ ස්නානය ඉතා සුදුසු බවයි එමගින් වැඩිදුරටත් සොයාගෙන ඇත්තේ.

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වන නව සුවතා ප්‍රවණතාවක් ලෙස ද මෙය ප්‍රකට වී තිබෙනවා. ආලෝකය මොළයට බලවත් ලෙස බලපාන බව මනෝ වෛද්‍යවරයකු, මොළයේ රූපකරණ විශේෂඥයකු මෙන්ම කැලිෆෝනියාවේ අමීන් සායන නිර්මාතෘවරයා වන වෛද්‍ය ඩැනියල් අමීන් පවසනවා.

මෙය සිදු වන්නේ retinohypothalamic tract නම් මාර්ගයක් හරහා. දීප්තිමත් ආලෝකය සහ නිල් ආලෝකය, කෝටිසෝල් මට්ටම ඉහළ නංවා මෙලටෝනින් අඩු කිරීමෙන් ශරීරයට අවදි වීමට සංඥා කරනවා.

ආලෝකය අඩු වූ විට හෝ නොමැති විට, එය ආරක්ෂාව පිළිබඳ සංඥා කරන අතර, parasympathetic ස්නායු පද්ධතිය සක්‍රීය කරනවා වගේම ශරීරයේ ස්වාභාවික විවේක හා අළුත්වැඩියා කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට හේතු වෙනවා.

අඩු ආලෝකකරණය යනු මොළයේ ‘තර්ජන රේඩාර්’ ක්‍රියා විරහිත කිරීමක් ලෙස සිතිය හැකි බවයි වෛද්‍ය අමීන් පෙන්වා දෙන්නේ.
අඩු උත්තේජනයක් ලැබෙන විට, මොළයේ තාර්කික කොටසට නැවත පාලනය ලබා ගැනීම පහසුයි.බොහෝ දෙනෙකුට මෙයින් අදහස් කරන්නේ සන්සුන්, පැහැදිලි සහ වඩාත් ස්ථාවර හැඟීමක් ලැබීමයි.

අඳුරේ ස්නානය මගින් ශරීරයට සහ මනසට ස්නායු පද්ධතියට සුවය ලැබීමට නිස්කලංක ස්ථානයක් ලබා දෙන බව වෛද්‍ය අමීන් පවසනවා.

මොළය අනාවැකි කීමේ හැකියාව මත දියුණු වන බැවින්, සන්ධ්‍යා කාලයේ සිදු කරන චර්යාවන් අපව අවධානයෙන් යුත් තත්ත්වයේ සිට විවේකී තත්ත්වයකට ගෙන ඒමට උපකාරී වන බවයි ඔහු පෙන්වාදෙන්නේ.

මෙම ක්‍රියාවලියේදී මොළය සන්සුන් කිරීම සඳහා ඔබ යමක් කරන්නේ නැති නමුත් ඒ වෙනුවට, මොළයට තනිවම පහළට ගමන් කිරීමට ඉඩ සලසන පරිසරයක් නිර්මාණය කරනවා.

මෙම පුරුද්ද අත්හදා බැලීමට අපේක්ෂා කරන අය සඳහා, ආචාර්ය අමීන් යෝජනා කරන්නේ එයට ක්‍රමයෙන් හුරු වන ලෙසයි.
නින්දට මිනිත්තු 60 සිට 90 දක්වා පෙර ආලෝකය අඩු කිරීමෙන් ආරම්භ කරන්න. දීප්තිමත් ඉහළ ආලෝකය වෙනුවට මෘදු ඇම්බර් හෝ රතු ආලෝකයක් භාවිතා කරන්න. ස්නානයේදී ජංගම දුරකතන තිර මඟ හරින්න, ආලෝකය නිවා දමන්න.

අඳුරේ ස්නානයේදී ලැවෙන්ඩර් හෝ ෆ්‍රැන්කෙන්සෙන්ස් තෙල්, සිසිල් කාමර උෂ්ණත්වය (අංශක 65–68°F පමණ), සහ මෘදු තුවා වැනි සරල සුවපහසුව දෑ සමඟ ස්නානය කිරීම ප්‍රමාණවත්. ස්නාන කාලය දිගු විය යුතු නැති අතර විනාඩි 15 සිට 20 දක්වා ප්‍රමාණවත් වන බව සඳහන්.

අන්ධකාරය අපහසුතාවයක් දැනේ නම්, මෙම චර්යාව වෙනස් කිරීම ගැටළුවක් නොවන බව වෛද්‍ය අමීන් පවසනවා.
කම්පන ඉතිහාසයන් (trauma histories), මානසික අවපීඩනය (depression) හෝ විඝටනය (dissociation) ඇති පුද්ගලයන්ට අඳුරේ තනිව සිටීම සන්සුන් වීමට වඩා වඩාත් අවදානම් සහගත බවක් දැනිය හැකියි.

එවැනි අවස්ථාවන්හිදී, මෘදු ආලෝකකරණය, නිස්කලංක සංගීතය හෝ සැනසිලිදායක සුවඳක් එම අවකාශය ආරක්ෂිත බවක් දැනීමට උපකාරී වෙනවා. සීතල ස්නානය, වේගස් ස්නායුව උත්තේජනය කරයි, දැවිල්ල අඩු කරයි, සහ දිගු නිරාවරණයෙන් පසු ශරීරය සන්සුන් කළ හැකි මොළයේ කොටස් සක්‍රීය කරනවා.

Previous articleමේ දිනවල පවතින පෙනීම බොද කරන කෙරටොකෝනස් රෝගයක් ගැන ඔබත් අනිවාර්යයෙන් දැනුවත් වෙන්න..
Next articleමගේ ආදරණීය ලොකු දුවට සුබ උපන්දිනයක්… ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරා මුහුණු පොතට එක්කළ ආදරණිය සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights