Home දේශිය පුවත් බලවතූන් හමුවේ දණ නොනැමූ ‘යකඩ ගැහැනිය’ සජීවනි අබේකෝන් අපේ ගෞරවයට පාත්‍ර විය...

බලවතූන් හමුවේ දණ නොනැමූ ‘යකඩ ගැහැනිය’ සජීවනි අබේකෝන් අපේ ගෞරවයට පාත්‍ර විය යුතුමයි! ඒ ගැන ඇසෙන කතාව මෙන්න…

0
97

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ නිලධාරිනිය ලෙස නීතිඥ සජීවනි අබේකෝන්ට . පල්ලේගම හේමරතන සිද්ධියේදී , නිසි ගෞරවය සහ, අප මිනිසුන් ලෙස ලැබිය යුතු ප්‍රශංසාව හරියට හිමිවුණේ නෑ කියන එකයි මගේ අදහස!

මම එහෙම කියන්නේ රාජ්‍ය නිලධාරිනියක් හැටියට ඉතාම අසීරු අභියෝගාත්මක, දේශපාලන බලය සහ ආර්ථික බලය වගේම රාජ්‍ය බලය, තිබුණු බලපෑම් සහගත නඩු කටයුත්තකදී ඒක එක්ක.. තනිව හැප්පුනු.. රජයේ තනි නිලධාරිනියක් ලෙස, ඊයේ මෙම නඩුවේදී ඇය, විසින් සිදු කරන ලද
විශිෂ්ට කරුණු දැක්වීම පිළිබඳ , ඇගේම ක්ෂේත්‍රයෙන් පවා කිසිදු ඇගැයීමක් ලියවෙච්ච. හරි විදිය සටහනක් මම තවම නොදැක්ක හින්දා!

ඒ විදිහේ සටහනක් හරි කරලා තිබුණේ.. මේ නඩු කටයුත්ත වෙනුවෙන් කොළඹින් ගිය නීතිඥ කණ්ඩායමේ නීතිඥ ඉෂාර සපුමල් පමණයි!

ඇයි මෙවැනි රාජ්‍ය නිලධාරීන් පිළිබඳව පොදු මහජනතාව හැටියට අපි, කරුණු කාරණා නිවැරදි ලෙස නිසි ලෙස වටහාගත යුත්තේ එම ප්‍රශ්නයට මම ඊළඟට පිළිතුරු දෙන්නම්..

සජීවනි අබේකෝන් ඊයේ පෙනී සිටි මේ නඩු කටයුත්ත ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර මෙතෙක් පැවැති, ලාබාල දරුවන් අපයෝජනය සම්බන්ධයෙන්, කේන්ද්‍රීය සංධිස්ථානයක් සනිටුහන් කරන නඩු කටයුත්තක්! ..

මේ නඩුවෙ විත්තිකාර පාර්ශවය වෙනුවෙන් තිබුණු බරපතළ, රාජ්‍ය අනුග්‍රහය රාජ්‍ය පක්ෂපාතිත්වය. ඇස් පනාපිට මේ මොහොතේ හෙළිවෙලා තියෙනවා
සජීවනී මේ නඩුවේ කරුණු ගොනුකරමින් ඉදිරිපත් කර තිබූ සියලු වාර්තාවන් ඉදිරිපත් වුණේ ඔබේ දරුවා වෙනුවෙන්…
මේ අවස්ථාවේදී අනුරාධපුර අධිකරණයේ සිටි බහුතර මගේ නීතිඥ මිත්‍රයන් පැවසූ ආකාරයට සජීවනි මේ වෙනුවෙන් කරන ලද කරුණු දැක්වීම
ඉතාම සංවිධානාත්මකව මනා අධ්‍යයනයකින් යුතුව, නීතිමය කරුණු හරි හැටි පිහිටවා කිසිදු ආකාරයක තාක්ෂණික දෝෂයකින් තොරව, ඉතාම සෘජුව සහ පැහැදිලිව, ලමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥාප්තින් පවා අධ්‍යයනය කරමින් එකී කරුණු නිසි ලෙස හුවා දක්වමින්, නිර්භය හා සෘජු ලෙස ඉදිරිපත් කළ කරුණු දැක්වීමක්!

පෞද්ගලිකව සජීවනි අවසාන මොහොත දක්වා මේ සිද්ධිය වෙනුවෙන් හාමුදුරුවොන්ට ඇප නොලැබෙයි කියන කවර හෝ විශ්වාසයක හිටිය බව මම දන්නවා!

ඒ තමයි මහජනතාව හැටියට නීතිය සහ යුක්තිය පිළිබඳව අපි තැ බූ අවසාන බලාපොරොත්තුව!

හැබැයි ඒ අවසාන බලාපොරොත්තුව හෙන ගැහුනා වගේ බිඳිලා ගියාට පස්සේ සජීවනී අනුරාධපුර පූජනීය නගරයෙන් පිටවෙලා ආවේ කොයි වගේ කලකිරීමකින්ද කියන්නත් මම දන්නවා..

ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වුවේ මේ නිලධාරිනිය හැටියට සජීවනි අබ්කෝන් වැනි සෘජු අවංක රාජ්‍ය නිලධාරියෙක් රැක ගත යුත්තේ අපි නෙවෙයි!

ප්‍රතිචාරය පෙරළා සජීවනීට ගැහීම!
අදාල ආයතන රාජ්‍ය සහ බලය විසින් මෙවැනි නීතිගරුක නිලධාරීන් රකින්නේ නැතිනම් මහජනතාව විසින් හෝ එවැනි නිලධාරීන් රැකිය යුතුයි ආරක්ෂා කළ යුතුයි!
එල්ල වෙන මෙවැනි දරාගත නොහැකි පීඩනයන් හමුවේ මෙවැනි අවංක රාජ්‍ය නිලධාරීන් රට හැර යාම හෝ ක්ෂේත්‍රයෙන් ඉවත් වීම නැවත ඍජුව බලපාන්නේත් ඔබේ දරුවාගේ ආරක්ෂාවටමයි!
මෙවැනි ඉතා අභියෝගාත්මක මොහොතක රාජ්‍ය හා දේශපාලන බලය සමග ගැටෙමින් තනි සටනක් යුක්තිය වෙනුවෙන් සිදුකරන.. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නීතිය බලගැන්වීමේ නිලධාරිනි සජීවනී අබේකෝන්ට.. අපේ ගෞරවය විතරක් පිරිනමල වැඩක් නැහැ!
පුරවැසියන් හැටියට අප ඇය සමග හිට ගත යුතුයි!
සජීවනි මෙරට පුරවැසියෙක් ලෙස ඔබට මගේ ගෞරවය සහ ආදරය!
මිතුරියක් සහ ගැහැණියක් ලෙස ඔබ බදා වැළඳ ගමි!

උපුටා ගැනීමකි
​#JusticeForChildren #SajivaniAbeykoon #StandWithHonestOfficers #JusticeMustPrevail #ChildProtectionSriLanka #gossipbro Gossip Bro

Previous articleඑතන මිනිස්සු දාන්න එපා කියද්දිත් වතුරට දැම්මෙ රස්සාවට නොගියොත් ඒ දවසත් බඩගින්නෙ ඉන්න වෙන නිසා. ”අඳුරන්නෙවත් නැති කොල්ලෙක් වෙනුවෙන් ජිවිතඅවදානමත් ගෙන වතුරට පැනපු ඒ කොල්ලෝ ටික තමා සැබෑ වීරයෝ..
Next articleලෝකයක් හැඬවූ සහෝදර ප්‍රේමය: නංගිව වඩාගෙන අකුරු කරන 10 හැවිරිදි දියණියගේ සංවේදී කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights