Home Uncategorized දියවැඩියා කොලෙස්ටරෝල් මට්ටු කරන විශ්මිත ආහාරය ඕට්ස් ගැන ඔබ නොදත් දේ මෙන්න.

දියවැඩියා කොලෙස්ටරෝල් මට්ටු කරන විශ්මිත ආහාරය ඕට්ස් ගැන ඔබ නොදත් දේ මෙන්න.

0
61

ඕට්ස් කියන්නේ ගොඩක් පෝෂණීය ගුණයෙන් යුතු ආහාරයක්.ලෝකයේ තියෙන ආහාර වලින් පෝෂණ ගුණයෙන් ඉහළින්ම ඉන්නේ ඕට්ස්.ඒකට හේතුව තමයි ඕට්ස් වල තන්තු, විටමින්, ඛනිජ ලවණ හා ප්රතිඔක්සිකාරක බහුලව අඩංගු වීම. ඒ නිසා අද අපි බලමු ඕට්ස් වල තියෙන ගුණ මොනවද කියලා.

සාමාන්යයෙන් දවසකට ඕට්ස් ග්රෑම් 78ක් හොඳටම ප්රමාණවත්.

• Manganese 191%
• Phosphorus: 41%
• Magnesium: 34%
• Copper: 24%
• Iron: 20%
• Zinc: 20%
• Folate: 11%
• Vitamin B1 (thiamin): 39%
• Vitamin B5 (pantothenic acid): 10%
• calcium
• potassium
• vitamin B6 (pyridoxine)
• vitamin B3 (niacin)
• ඒ වගේම ඕට්ස් කෝප්ප බාගයක කැලරි 303ක් අඩංගුයි

Cholesterol පාලනයට

ලෝකයේ බොහෝ මරණ වලට හේතුව තමයි හෘදයාබාධ කියන්නේ.එහි අවදානම් සාධකය වන්නේ අධික Cholesterol තත්වය.ඕට්ස් වල ඇති බීටා-ග්ලූකන් තන්තු මඟින් සිරුට්රේ ඇති LDL Cholesterol මට්ටම අඩුකරනවා.

දියවැඩියාවට

Type 2 දියවැඩියාව ඇති අයට ඕට්ස් ඉතාමත් ගුණදායකයි. ඕට්ස්වලට රුධිරගත සීනි මට්ටම අඩු කරමින් ඉන්සියුලින් සංවේදීතාව ඉහළ දැමීමේ හැකියාව තිබෙනවා.

අධික බර අඩු කරනවා

බර කියන්නේ ගොඩක් අයට තියෙන ප්රශ්නයක්නේ.ඉතින් ඒ ප්රශ්නෙටත් උත්තර දෙන්න ඕට්ස් වලට පුළුවන්.සාමන්යයෙන් ඕට්ස් ආහාරයට ගත්තම කුස පිරුණු ගතියක් දැනෙනවා.ඒ නිසා අනවශ්ය විදිහට ආහාර ගැනීමේ අවශ්යතාවයක් දැනෙන්නේ නැහැ.එතකොට ඉතින් බර අඩු වෙනවා නිකන්ම.
ඒ වගේම ඕට්ස් වල තියෙන තන්තුමය ස්වභාවය නිසා පහසුවෙන් දිරවීම සිදුවෙනවා.අන්න ඒ නිසා මළබද්ධය ඇති වෙන්නෙත් නැහැ සහ මළබද්ධය ඇති අයට ගුණදායකයි.

(behappy වෙබ් අඩවිය)

Previous articleපිරිමි ඔබත් කොරෝනා ආසාදනය වූ කෙනෙක්නම් සරුභාවයට බලපෑමක් – පරීක්ෂණයකින් හෙළිවෙයි.
Next articleඔයාටත් දියවැඩියාවද කියලා මුලින්ම දැනගන්නේ මෙහෙමයි!
error: Content is protected !!
Verified by MonsterInsights