Home දේශිය පුවත් “මොන දේ වුණත් බය වෙන්නත් එපා, මම අඳින රවුමෙන් පිට පනින්නත් එපා”...

“මොන දේ වුණත් බය වෙන්නත් එපා, මම අඳින රවුමෙන් පිට පනින්නත් එපා” නිධානයක් හාරන්න ගොස් වුණ දේ…

0
85

 

නිධාන් හොරු ගැන අහලා තිබුනත් නිදානයක් ගත්තට පස්සේ වුණ දේවල් මොන තරම් භයානකයිද කියලා අහන්න ලැබුනේ මගේ යාලුවෙක්ගෙන්.

මචං මගේ යාලුවෙක් හිටියා මිනිහයි මිනිහගේ යාලුවො ටිකයි තමයි මේ වැඩේට ගිහින් තිබුනේ.

මේකට මාතර පැත්තේ හොඳ කට්ටඩියෙකුත් ගෙන්න ගෙන තිබුනා.

මේ පොට් එක කැලෑ මැද තියෙනව දැකලා තිබුනේ මී හරක් අරන් කැලේ වදින ටිකක් මෝඩ පහේ ගමේ මිනිස්සු දෙන්නෙක්.

උන් මේ දෙන්නෙගෙන් විස්තර අරගෙන වැඩේට බැහැලා තිබුනේ.

සතියක් පේ වෙලා ඒ වැඩ ටික කරගෙන එක රැයක කට්ටඩි මහත්තයයි මේ සෙට් එක මේ පොට් එකට ගිහින්.

අර මිනිස්සු දෙන්නත් ඇවිත්.‍

යන්න කලින්ම කට්ටඩි මහත්තයා කිව්වලු “මොන දේ වුණත් බය වෙන්නත් එපා,මම අඳින රවුමෙන් පිට පනින්නත් එපා”කියලා.

ඔහොම වෙලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ටික පටන් අරන්.

රෑ 12 විතර වගේ වෙද්දී වටේටම හෙන ගහනවා වගේ සද්ද..

එහෙන් මහා සද්ධන්ත යකෙක් වගේ මිනිහෙක් ඒ රව්ම වටේ කැරකැවෙනවලු,එහෙන් නයෙක් එනවලු මේ ඔක්කොම අස්සේ නිධානය හරියාකාරව අරන්.

බලද්දි විශාල නිල් මැණිකක් ඒ නිධානේ තිබිලා තියෙන්නේ.

මේක අරන් ඇවිල්ලා.

දැන් අර මනුස්සයෝ දෙන්නාට පොරොන්දු වුණ සල්ලි ඉල්ලනවලු.

එක පාරම මැනික විකුනලා වැඩේ කරගන්න බැරි නිසා සල්ලි බාගයක් දීලා ඒ මිනිස්සු දෙන්නට.

මේ ගැන සැක හිතුන අර මිනිස්සු දෙන්නා සල්ලිත් අරන් ගිහින් පහු වෙනිද නිධානය තිබුන තැනට ඌරූ මස් ගිහින් දාලා.

බලාගෙන ඉද්දී ඒ නිල් මැනික මැරිලා..

මගේ යාලුවා රට යන්න හිටියේ ඒ වෙනුවෙන් තියාගෙන ඉඳපු සල්ලි තමයි ඒකට දාලා තිබුනේ.

දැන් ඌට රට යන්නත් නැහැ,මෙහෙ ඉන්නත් නැහැ.ඔලුවේ අමාරුවක්

Source – Hiru Gossip

Previous articleවට්ස්ඇප් ගිණුම් බිලියන 3.5ක ෆොටෝ ලීක් වෙලා… ඔබේ ගිණුමත් ඒ අතර ද බලන්න…
Next articleමගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ.
error: Content is protected !!
Verified by MonsterInsights