Home Uncategorized ඇත්තටම රෑට කෙසෙල් කන්න හොඳ නැද්ද? රස කර කර.. කෑවට දැනගෙන හිටියේ...

ඇත්තටම රෑට කෙසෙල් කන්න හොඳ නැද්ද? රස කර කර.. කෑවට දැනගෙන හිටියේ නෑ නේද මෙහෙමයි කියලා…

0
42
ලොකු කුඩා කොයි කවුරුත්, පෝෂ්‍යදායී රසවත් පලතුරු වර්ගයක් වන කෙසෙල් ආහාරයට ගැනීමට ප්‍රිය කරති.

පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රතිඔක්සිකාරක පිරි කෙසෙල්, සිරුරේ රුධිර පීඩනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන පොටෑසියම්වලින් පොහොසත් ය.

කෙසෙල් යනු ස්වභාවික ප්‍රතිශක්තිය වඩන පලතුරකි.

බඩවැල තුළ ඇති බැක්ටීරියා තුරන් කර, බඩ දැවිල්ල අඩු කිරීමේ හැකියාව එයට ඇත.

කෙසෙල්වල ඇති අධික කෙඳි අන්තර්ගතය, මළබද්ධය වළක්වා ගැනීමට උපකාරී වේ. අඩු වුණු ශක්ති මට්ටම වැඩි දියුණු කිරීම සඳහා ඉතාම සුදුසු ආහාරයක් ලෙස ද, කෙසෙල් හැදින්විය හැකි ය.

බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති මේ රසවත් පලතුර, දවසේ ඇතැම් වෙලාවලදී ආහාරයට ගැනීමට සමහරු මැළි වෙති.

පැරැන්නන් පවසන්නේ, රාත්‍රී කාලයේදී කෙසෙල් ආහාරයට ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇතිවිය හැකි බවය.

කෙසෙල් පෝෂණයෙන් අධික පලතුරක් බැවින්, දිරවා ගැනීම සඳහා දිගු කලක් ගතවේ.

ඔබට කෙසෙල් ආහාරයට ගැනීමට අත්‍යවශ්‍යම නම්, නින්දට යෑමට පෙර පැය 2-3 කටවත් පෙර මේවා ආහරයට ගත යුතු ය. ‍

සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇති රෝගීන්,රාත්‍රී කාලයේ දී කෙසෙල් හෝ සිට්‍රෙස් ගණයට අයත් පලතුරු ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු බවට, පොදු පිළිගැනීමක් ඇත.

රාත්‍රියේදී ආසාදනවලට ගොදුරු වීමට ඇති හැකියාව වැඩි බව සහ නින්දට යෑමට පෙර කිසිවක් ආහාරයට නොගත යුතු බව ද සත්‍යයකි.මන්ද රාත්‍රියේදී අපගේ ශරීරයේ ආහාර දිරවා ගැනීමට ඇති හැකියාව අඩු නිසා ය.

කෙසෙල්වල, නිදා ගැනීමට උපකාර වන ප්‍රමාණවත් තරම් මැග්නීසියම් ඇත.

එහෙත්, ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව හා උණ ඇති අය, කෙසෙල් ආහාරයට ගැනීමේ දී ප්‍රවේශම් විය යුතු ය.

ඔවුන්ගේ වෛද්‍යවරුන් හමුවී උපදෙස් ලබා ගැනීම, මෙහිදී වඩාත් ම යෝග්‍ය ය.

මෙනිසා, රාත්‍රී කාලයේ දී කෙසෙල් ආහාරයට ගැනීමට පෙර,කල්පනාකාරී වන්න.
උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

Previous articleසංගීත ලෝකය තුල අප කාගෙත් ආදරය දිනාගත් ඔහුට හදිසියේම අත් වූ සංවේදී ඉරණම.
Next articleරජ පවුලේ කුමරිය මිල අධික ගවුමක් සොරකම් කරලා.. ඒ ගවුම ප්‍රසිද්ධියේ ඇදගෙන ඉදලා…. දෙයියනේ මෙහෙමත් හොරකමක්
error: Content is protected !!
Verified by MonsterInsights