Home Uncategorized ‘ නත්තල සමරන්න බැරි කාටහරි උදව්වක් කරනවා..’ රටක්ම ආදරේ කරන ශේෂාද්‍රි ප්‍රියසාද්...

‘ නත්තල සමරන්න බැරි කාටහරි උදව්වක් කරනවා..’ රටක්ම ආදරේ කරන ශේෂාද්‍රි ප්‍රියසාද් මේ පාර නත්තල සමරන්න හදන්නේ මෙහෙමයි

0
317

මේ අවුරුද්දේ නත්තල් වෙනදා වගේම සුපුරුදි විදිහට තමයි සමරන්න හිතාගෙන ඉන්නේ. වෙනදා වගේම පවුලේ අය එකතු වෙනවා. අපේ රටේ ස්වාභාවික විපතකින් ලොකු ප්‍රශ්නවලට මුහුණ දුන්න ජනතාවක් සිටිනවානේ. ඒක හින්දා අපි තීරණය කළා වෙනදා වගේ සතුටුසාමීචි පවත්වන්නෙ නැතිව ඉන්න. මොකද තවමත් අපදාවන්ට ලක්වූවන් පිරිස නැඟිටිමින් ඉන්නවා. විපතට පත්වූවන්ට උදව් කරලා නත්තල සමරන්න තමයි හිතාගෙන ඉන්නේ.

අපි කරන දේවල් මාධ්‍යයට ලොකුවට කියන්න කැමැති නැහැ. ඒ වගේම මෙදාසැරේ නත්තල සමරන්න බැරිව ඉන්න කාටහරි උදව්වක් කරන්න තමයි මම පෞද්ගලිකව හිතාගෙන ඉන්නේ. අලුත් අවුරුද්දේ චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔය අතරේ මම රංගනයෙන් දායකවෙන පහේ ළමයි කියන ටෙලිනාට්‍යය විකාශය වෙනවා. එක පවුලක් වගේ මේ වෙලාවේ හැමෝම එකතුවෙලා නැඟිටින්න උත්සාහ කරනවා. ඒක ලොකු දෙයක්. අපිට කරන්න පුළුවන් හැමදෙයක්ම අපි කළා. ආපදාවන්ට ලක්වූවන්ට හැකි ඉක්මනින් එතැනින් එළියට ඇවිත් ආපහු යථා තත්ත්වයට පත්වෙන්න පුළුවන් තත්ත්වය තමයි මම ප්‍රාර්ථනා කරන්නේ…

Previous article”රංගනය මට මගේ අම්මගෙන් ලැබුණු සුවිශේෂී දායාදයක්. අද අම්මා හිටියා නම් වෙනදා වගේම ගොඩාක් සතුටු වෙයි…” – ජනප්‍රිය රංගන ශිල්පිනි තිසුරි යුවනිකා
Next articleඔබ දැන සිටිය යුතුම උපත් පාලන ක්‍රම මෙන්න.. සමහර ඒවා නම් දැනගත්තෙත් අද
error: Content is protected !!
Verified by MonsterInsights