Home Uncategorized ඉකිළි කැසීම නිට්ටාවටම සුව කරන අත්බෙහෙත් මෙන්න..

ඉකිළි කැසීම නිට්ටාවටම සුව කරන අත්බෙහෙත් මෙන්න..

0
63

වයස් භේදයක් නොමැතිව බොහෝදෙනකු පීඩා විඳින රෝගී තත්ත්වයන් තමයි ඉකිළි කැසීම. මේක චර්ම රෝගයක්. තද යටඇඳුම් භාවිතය, ඉකිළි ප්‍රදේශයට අධික ලෙස දහඩිය දැමීම, දහඩිය නිසා ඇතිවන විවිධ දිලීර ආසාධන, කොමඩ් සහිත පොදු වැසිකිළි භාවිතා කිරීම මෙන්ම ඉකිළි කැසීමේ රෝගී තත්ත්වයෙන් පසුවෙන පුද්ගලයෙකුගේ ඇඳුම් භාවිතය වැනි හේතූන් නිසා කෙනෙක් මෙම රෝගයට ඉතාමත් පහසුවෙන් ගොදුරු වෙන්න පුළුවන්. මෙය ඉතා පහසුවෙන් සුවකළ හැකි රෝගී තත්ත්වයක් වුවත් කිසිඳු ප්‍රතිකාරයක් නොකරන නිසා දිගුකාලීනව පීඩා විඳින උදවියත් ඉන්නවා. ඒ නිසාමයි මෙවර අපි මේ රෝගයට වටිනා අත්බෙහෙත් කීපයක් කියන්න හිතුවේ.

*මුලින්ම ඉකිළි ප්‍රදේශ මද රස්නෙ වතුරෙන් තවා තෙතමාත්තු කරන්න. ඉන්පසු විනාඩි 10 – 15ක් ගිය පසු පහත අත්බෙහෙත්වලින් එකක් තෝරා කරන්න.
*ඇහැළ ද‍ළු කීපයක් දෙහි ඇඹුලින් අඹරාගෙන ඉකිළිවල ගල්වන්න.
*අමු කහ කෑල්ලක් සහ ඇත්තෝර දළු කීපයක් ඇල්දියෙන් අඹරා ගල්වන්න.
*අමු කහ කෑල්ලක් අහු ගෙඩි ඉස්මෙන් අඹරා තලතෙල් ස්වල්පයක් දමා කකාරවා ඉකිළිවල ගල්වන්න.

ශාන්ත සෙනෙවිරත්න වෙදමහතා
හොරිවිල වෙද මැදුර

රුවන් එස්.සෙනවිරත්න

 

Previous articleති රි ස න් ආත්මයට සමුදෙන්නට මොඩ්ලින් කර උපයන ආදායමින් පින්කම් කරන බලු කොල්ලෙකු ගැන ඇසෙන අරුම පුදුම කතාව මෙන්න..
Next articleකට පරිස්සම් කරගන්න නම් කතුරුමුරුංගා කන්න…හේතුව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights