සිරුරේ ලේ අපිරිසිදු වීම නිසා කිරි දරුවන්ට දැඩිව පීඩා ගෙන දෙන රෝගී තත්ත්වයක් තමයි ‘රතය’ කියන්නේ. ‘රතගාය’ විදියටත් මේ රෝගය හඳුන්වනවා. සිරුර පුරා රතු පැහැයට හුරු බිබිලි මතුවීම, ඇඟ දැවිල්ල සමඟ කැසීම, ඇඟෙන් රස්නයක් පිටවීම සහ ඒත් සමඟින් උණ හටගැනීමයි එහි රෝග ලක්ෂණ. ඉතින් ඒ වෙනුවෙන් ඔබට නිවසේදී පහසුවෙන් කළ හැකි අත්බෙහෙත් කීපයක් ගැනයි මෙවර කියන්නේ.
*උදෑසන 10.00 ට පමණ වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් දරුවාගේ ඇඟ සෝදන්න.
*ඒ නැත්නම් අමු කහ, කොහොඹ කොළ හෝ ලුණුවිල කොළ තැම්බූ වතුරෙන් සෝදන්න.
*දරුවාව නාවන විට වතුරට රත් මල් කැකුළු දමා පැය බාගයක් පමණ තබා නාවන්න.
*වෙනිවැල්ගැට, රත් මල්, පොකුරු වද සහ අමු කහ එකට තම්බා ඒ වතුර නිවුණු පසුව දරුවා සේදීමට ගන්නා වතුරට දමා දරුවා සෝදන්න.
ශාන්ත සෙනෙවිරත්න වෙදමහතා
හොරිවිල වෙද මැදුර
රුවන් එස්.සෙනවිරත්න









