Home Uncategorized අචින්ති තම්පි භවති… තේරුම නිවැරදිව දැනගමු… ඔබ නොදත් හරිම තේරුම මෙන්න

අචින්ති තම්පි භවති… තේරුම නිවැරදිව දැනගමු… ඔබ නොදත් හරිම තේරුම මෙන්න

0
230

 

හිතන දේ වෙන්නෑ” කියන මිත්‍යාව සහ ධර්මයේ සත්‍යය “මේ දවස්වල මිනිස්සුන්ට කියනවා, බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ‘හිතන දේ වෙන්නෑ, වෙන දේ හිතාගන්න බෑ’ කියලා.

හිතන දේ වෙන්නැත්තම් පින්වතුනි බුද්ධාගමෙන් ඇති වැඩක් නෑ. ධම්මපදයේ පළවෙනි ගාථාව පටන් ගන්නේම කොහොමද? ‘මනෝ පුබ්බංගමා ධම්මා – මනෝ සෙට්ඨා මනෝමයා’. මනස තමයි ශ්‍රේෂ්ඨ, මනස තමයි පූර්වාංගම, මනස තමයි හැමදේටම මූලික. මනස සුවපත් කරගෙන මොනවා කළත්, ‘ඡායාව අනපායිනී’ – හෙවනැල්ල වගේ පස්සෙන් එනවා.

මගේ බුදුහාමුදුරුවෝ අසංඛ්‍ය කල්ප ලක්ෂ හතරකට කලින් හිතුවා. මොකක්ද හිතුවේ? ‘මමත් සසරින් එතෙර වෙලා, තව සුවහසක් මිනිස්සු සසර දුකින් මුදවනවාමයි’. ඒ හිත ජයගත්තා උන්වහන්සේ. හිතුවොත් කරන්න පුළුවන්. රහතන් වහන්සේලා, සැරියුත් මුගලන්, ආනන්ද, නන්ද, රාහුල, කස්සප… මේ ඔක්කොම රහත් වෙන්න ඕනේ කියන සිත ඇති කරගත්තා, රහත් වුණා. එහෙනම් හිතන දේ වෙන්නෑ කතාවක් නෑ, හිතන දේ වෙනවා. ඔය ඇත්තන්ව රජ කරන්නෙත් හිත, බලු කරන්නෙත් හිත, රහත් කරන්නෙත් හිත, බුදු කරන්නෙත් හිත. මතක තියාගන්න.

ඒ නිසා හිතන දේ වෙනවාමයි. උනේ මොකක්ද? ඒක කියන හාමුදුරුවන්ට පාලි වැරදුනා. ඒකේ ගාථාව මොකක්ද? ‘අචින්තිතම්පි භවති – චින්තිතම්පි විනස්සති’ (අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති). මොකක්ද ඒකේ තේරුම? පාලි දන්න ඇත්තො දන්නවා. ‘අචින්තිතම්පි භවති’ කියන්නේ ‘නොසිතූ දේ සිදුවෙයි’. ඒක කියන්න ගිහිල්ලා තමයි කිව්වේ ‘හිතන දේ වෙන්නෑ’ කියලා. මේක දෙකක්, අහසට පොළොව වගේ.

‘නොසිතූ දේ සිදුවෙයි’ – ඒක හරිනේ. මොකක්ද නොසිතූ දේ සිදුවෙයි කියන්නේ? කඳු කඩාගෙන වැටෙනවා, ගංවතුර එනවා, අපිට කැන්සර් හැදෙනවා, අපි මැරෙනවා, ලෙඩ වෙනවා. නොසිතූ දේ සිදුවෙයි. සිතූ දේ වැනසෙයි. ඕක තමයි ධර්මය තුළ තියෙන්නේ. හැබැයි ඒකත් බුද්ධ වචනය කියලා කියන්න එපා. ඒක තියෙන්නේ සරභමිග ජාතකයේ (Sarabhamiga Jataka).

අපි හැදෑරීමකින් තොරව බණ අහන්න නරකයි. බණ කියන්නත් නරකයි. මොකද අපි කියන්නේ අපි හොයාගත්ත එකක් නෙවෙයිනේ පින්වතුනි. මේ ලෝකයක් ජයගත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒක අඩුගානේ වැරදුනා නම්, මට වැරදුනා කියලා හදන්න එපැයි. තාම යන්නේ එහෙමයි.

ඒ නිසා මතක තියාගන්න ඕනේ, මේ ලෝකය තුළ ධර්මයයි කියලා අධර්මය ප්‍රකට වෙන තැන් තියනවා. දායකයෝ බුද්ධිමත් වෙන්න ඕනේ. කඩු පොලු අරගෙන සටන් කරන්න නෙවෙයි, කාටවත් ගරහන්න නෙවෙයි, සංඝයාට අපහාස කරන්න නෙවෙයි. දායකයෝ ඒ වෙලාවට තේරුම් ගන්න ඕනේ, ‘මෙතෙන්දි වැරදි විග්‍රහයක් මේ දුන්නේ’ කියලා. සෝම හාමුදුරුවෝ මිනිස්සුන්ට දුන්නේ බුද්ධිමය පිළිතුරු. එහෙම නැතුව මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය වෙනස් කරලා කියන ඒවා නෙවෙයි. අද ධර්මය කියලා අධර්මය කියවෙන තැන් වැඩියි.

අනේ හාමුදුරුවරුත් එක්ක පෞද්ගලික තරහක් නෑ අපිට. උන්වහන්සේලාත් හාමුදුරුවරු, අපිත් හාමුදුරුවරු. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය කවුරුහරි කෙනෙක් වෙනස් කරනවා නම් අපි එතෙන්දි කෙලින් හිටගන්න ඕනේ.”

Credit: ගෞරවණීය කැළණියේ ශාසනවංශ හිමියන්(වීඩීයෝ එක පලවෙනි කමෙන්ට් ඒකේ)

Previous articleබුදුන් සරණින් යහමගට ආ මයිකල් ජැක්සන්ගේ දියණිය වූ ඇය ගැන ඇසෙන කතාව මෙන්න..
Next articleඔහු සමග එක් නොවී දිනකට 2160ක් වතාවක් සුරාන්තයට පත්වෙන අරුම පුදුම කාන්තාවක් ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights