Home තරු ගොසිප් හැමෝම ආදරය කරන එයාට පොඩි කරදරයක්.. බලන්නකෝ වෙලා තියෙන දේ..

හැමෝම ආදරය කරන එයාට පොඩි කරදරයක්.. බලන්නකෝ වෙලා තියෙන දේ..

0
1092

 

 

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි මතුරා නගරයේ හෝටලයක අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනවාරි 1 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පෙර නිල් චිත්‍රපට තරුවක වූ, බොලිවුඩ් නිළි සනී ලියෝන්ගේ ප්‍රසංගයක් අවලංගු කර තිබෙනවා.

මතුරා යනු ආගමික වශයෙන් ඉතා වැදගත් පූජනීය නගරයක්.

හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක වන සනී ලියෝන් මෙවැනි ස්ථානයක ප්‍රසංගයක් පැවැත්වීම නුසුදුසු බව පවසමින් පූජකවරුන් සහ ආගමික නායකයින් පිරිසක් විරෝධය පළකිරීම මීට හේතුවයි.

සනී ලියෝන් මෙහිදී DJ ශිල්පිනියක ලෙස ඉදිරිපත් වීමට නියමිතව තිබූ අතර, ඇය ඒ පිළිබඳව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා වීඩියෝවක් පළ කරමින් රසිකයින්ට ආරාධනා කර තිබුණා.

මෙය පුද්ගලයින් 300 දෙනෙකුගෙන් යුත් සීමිත පිරිසක් සඳහා සංවිධානය කළ උත්සවයක්.

හින්දු නායකයෙකු වන දිනේෂ් ෆලහාරි විසින් ඊයේ දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ, මෙවැනි උත්සව මගින් නගරයේ ගෞරවයට හානි වන බවත් සංවිධායකයින්ට එරෙහිව පියවර ගත යුතු බවයි.

විරෝධතා මධ්‍යයේ හෝටල් හිමිකරු වන මිතුල් පතාක් ප්‍රසංගය අවලංගු කිරීමට තීරණය කළා.

සනී ලියෝන් සහභාගී වීමට නියමිතව තිබුණේ DJ ශිල්පිනියක ලෙස පමණක් වුවත්, සමාජීය සහ ආගමික හැඟීම්වලට ගරු කරමින් මෙම පියවර ගත් බව ඔහු පවසා තිබෙනවා.

Previous article“තමන් straight වෙලා තමන් ආදරය කරන කෙනා gay වුනොත් ඔයාට මොකද හිතෙන්නේ?” – ජනප්‍රිය නිළි සංජනා මුහුණු පොතට එක්කළ සටහන.. – Photos
Next articleසජිතගේ පවුලම හැඩකළ අලුත්ම සාමාජිකයා දැකගන්න ඔබත් කැමතියිද..?
error: Content is protected !!
Verified by MonsterInsights