Home සයුරෙන් එහා පුවත් නව වසර උදාවේදී ජපානයට භූමිකම්පාවක්..

නව වසර උදාවේදී ජපානයට භූමිකම්පාවක්..

0
646
ජපානයේ නැගෙනහිර නෝඩා (Noda) කලාපයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (31) රික්ටර් මාපකයේ 6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා.

එය සටහන් වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙසයි.
මෙම භූ කම්පනය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 19.3ක් (සැතපුම් 11.99ක්) ගැඹුරින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර, බලධාරීන් විසින් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර නැහැ.

Previous articleඇය මේ වගේ තීරණයක් ගත්තේ ඇයි..? දේහය අසල තිබූ ඒ ලියුම මොකක්ද..? තාරුණ්‍යයේ හද දිනාගත් සුරූපී නිළියක් ජීවිතයෙන් සමුගනී..
Next articleඇයට අවුරුදු 26යි.. තිබුනේ උණත් එක්ක ඇඟ පත වේදනාව විතරයි..අවසානයේ ඇය මෙලොවින් යන්නම ගිහින්…
error: Content is protected !!
Verified by MonsterInsights