Home සයුරෙන් එහා පුවත් ඇය මේ වගේ තීරණයක් ගත්තේ ඇයි..? දේහය අසල තිබූ ඒ ලියුම මොකක්ද..?...

ඇය මේ වගේ තීරණයක් ගත්තේ ඇයි..? දේහය අසල තිබූ ඒ ලියුම මොකක්ද..? තාරුණ්‍යයේ හද දිනාගත් සුරූපී නිළියක් ජීවිතයෙන් සමුගනී..

0
11414

ඇය ඇත්තෙන්ම සුරූපී තරුණියක්.

කාගේත් ආදරය දිනාගත් මේ ශිල්පිනිය ගැන ඇසෙන අනුවේදී කතාව නම් ඇත්තටම රසිකයින්ට අදහාගන්නත් බැරි වේවි..

කන්නඩ සහ දෙමළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නැගී එන නිළියක වන නන්දිනී සී.එම්. ඉන්දියාවේ බෙන්ගලූරුහි පිහිටි ඇයගේ නිවසේදී සියදිවි නසාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මියයන විට ඇය ප්‍රමුඛ පෙළේ දෙමළ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිටි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඇයගේ දේහය අසල තිබී පොලිසිය සොයාගත් ලිපියක, ඇය මෙම තීරණය ගැනීමට හේතු වූ කරුණු කිහිපයක් සඳහන් කර ඇති බව වාර්තා වෙනවා.

තමා මානසිකව සූදානම් නොමැති අවස්ථාවක විවාහ වන ලෙස දෙමාපියන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම මීට ප්‍රධාන හේතුවක් බව ඇය එම ලිපියෙන් පවසා තිබෙනවා.

විවාහය පිළිබඳ පීඩනයට අමතරව, වෙනත් පෞද්ගලික කරුණු කිහිපයක් හේතුවෙන් තමා දැඩි ලෙස විෂාදයට (Depression) ලක්ව සිටි බවයි ඇය සඳහන් කර ඇත්තේ.

බෙන්ගලූරු පොලිසිය පවසන්නේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, ඇයගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ හිතවතුන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් පවතින බවත්.

ඇය මෑතකදී රඟපෑ දෙමළ ටෙලි නාට්‍යයක ඇයගේ චරිතය වස පානය කරන දර්ශනයක් තිබීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාබහ නිර්මාණය වී ඇතත්, රංගනය සහ ඇයගේ සැබෑ මරණය අතර කිසිදු සම්බන්ධයක් මෙතෙක් අනාවරණය වී නොමැති බව බලධාරීන් අවධාරණය කරනවා.

Previous article“මොකක්ද ලොකුම ප්ලෑන් එක..?” බලාපොරොත්තු ගොන්නක් එක්ක 2026 වසරට යන ශලනි කියූ කතාව මෙන්න..
Next articleනව වසර උදාවේදී ජපානයට භූමිකම්පාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights