Home දේශිය පුවත් අනේ දෙවියනේ…. කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා.. අලුත් අවුරුද්දට ගත්ත හීනයක්...

අනේ දෙවියනේ…. කවුද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා.. අලුත් අවුරුද්දට ගත්ත හීනයක් පාර මැද තරුණ ජීවිතයක් එක්ක අළුවෙයි.

0
419

නව වසර උදාවන්නට ඔන්න මෙන්න කියා තිබියදී, මූතූර් කාංගුවේලි ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ හදවත කම්පා කරවන පුවතක්.

ඊයේ (31) පස්වරුවේ සිදුවූ දරුණු යතුරුපැදි සහ ටිපර් රථ අනතුරකින් 20 හැවිරිදි තරුණයෙකුට සිය ජීවිතයෙන් සමුගන්නට සිදුව තිබෙනවා.

මෙම අනතුරේ ඇති වඩාත්ම ශෝචනීය කරුණ වන්නේ, අනතුරට පත් යතුරුපැදිය මීට දින කිහිපයකට පෙර අලුතින්ම මිලදී ගත් එකක් වීමයි. එහි ලියාපදිංචි කටයුතු සඳහා ලේඛන පවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යවා ඇති අතර, අලුත් යතුරුපැදියෙන් ගිය පළමු ගමන් කිහිපයම මේ තරුණයන්ගේ අවසාන ගමන බවට පත් වුණා.

නීලපොළ සිට දෙහිවත්ත දෙසට ධාවනය වූ ටිපර් රථයක, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෙම යතුරුපැදිය මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් පසු තුවාල ලැබූ තිදෙනාම කිලිවෙඩ්ඩි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළත්, ඒ වන විටත් යතුරුපැදිකරු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සේරුනුවර, මණ්ඩලපුර පදිංචි එම්.ඒ චාමික අසාන් රණතුංග නම් 20 හැවිරිදි තරුණයෙක්. ඔහු සමඟ යතුරුපැදියේ ගමන් ගත් 16 හැවිරිදි සහ 19 හැවිරිදි අනෙක් තරුණයන් දෙදෙනා බරපතළ තුවාල ලබා මේ වන විට ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරා මූතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූතූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ජයවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Previous article2026දී “මම මගේ Best ම Version” එක වෙනව කියන දැඩි අරමුණකින් මේ පරිච්චේදය ආරම්භ කරමු.. තරින්දි කියූ ඒ වෙනස්ම කතාව මෙන්න..
Next articleඇය නව අවුරුදු උදාවේදී ඔහුත් එක්ක ගියේ කොහේද කියලා දන්නවාද..?
error: Content is protected !!
Verified by MonsterInsights