Home Uncategorized පරිස්සම් වෙන්න! අවුරුද්දේ මුල් දවස් පහටම රෝගීන්ගේ වැඩි වීමක්! මුල් දවස් පහටම...

පරිස්සම් වෙන්න! අවුරුද්දේ මුල් දවස් පහටම රෝගීන්ගේ වැඩි වීමක්! මුල් දවස් පහටම රෝගීන් 700 පනී…#

0
1132

ලංකාව පුරා නැවතත් ඩෙංගු රෝගය හිස ඔසවන ලකුණු පෙනෙන්නට තිබෙන බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවනවා.

වසර ආරම්භයේ සිටම වාර්තා වන දත්ත දෙස බැලීමේදී මෙය සැවොම අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බවයි පෙනී යන්නේ.

2026 වසරේ ගෙවුණු පළමු දින 05 තුළ පමණක් ඩෙංගු රෝගීන් 793 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මෙය ඇත්තටම තැතිගන්වන සුලු ආරංචියක්.

පසුගිය 2025 වසරේදී ඩෙංගු රෝගීන් 51,438 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ පසුගිය වසර තුළ ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පසුගියදා දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් මෙතෙක් නිරීක්ෂණය වී නොමැති බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු මර්දනයට සහය වීම අප සැමගේ වගකීමක්.

Previous articleරත්තරං ගන්න බලන් හිටිය ඔයාලට මෙන්න නව වසරේ සුභ ආරංචියක්…
Next article‘ ජීවිතයේ වැරදුනු පැරදුනු මිනිස්සු ලග තමයි සාර්ථකත්වයට හොඳම අත්දැකීම් තියෙන්නේ…’ හැමෝම ආදරේ කරන ‘ මැණික් අක්කා ‘ ෆේස්බුක් ඇවිත් කියපු හැඟීම්බර කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights