ගෙදර නාන කාමරේ සිංක් එක උඩ හෝ ෂවර් එක ළඟ තියෙන සබන් කෑල්ල පොදු දේපලක්නේ. තාත්තා ඇවිත් ඇඟ හෝදනවා, ඊට පස්සේ අම්මා මූණ හෝදනවා, අන්තිමට පොඩි පුතා සෙල්ලම් කරලා ඇවිත් ඒ සබන් කෑල්ලම අරන් අත පය හෝදනවා.
අපි හිතන්නේ “සබන් කියන්නේ විෂබීජ මරන දෙයක්නේ, ඉතින් සබන් කෑල්ලේ විෂබීජ ඉන්න විදියක් නෑ” කියලා.
හැබැයි විද්‍යාත්මක ඇත්ත ඊට වඩා වෙනස්. සබන් වලින් ඇඟේ කුණු යනවා තමයි. හැබැයි ඒ කුණු සහ බැක්ටීරියා සබන් කෑල්ලේ මතුපිට, විශේෂයෙන්ම අර “දිය වුනු සෙවල” (Sludge) කොටසේ රැඳිලා තියෙනවා.
එකම සබන් කෑල්ල පාවිච්චි කිරීමේ අවදානම:
1. සමේ රෝග බෙදා ගැනීම (Sharing Skin Infections) 🦠 ගෙදර එක්කෙනෙක්ට අලුහම් (Ringworm), දද හෝ වෙනත් සමේ ආසාදනයක් තියෙනවා නම්, එයා ගාලා තිබ්බ සබන් කෑල්ල තව කෙනෙක් ගානකොට ඒ විෂබීජ අනිත් කෙනාට බෝ වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි. විශේෂයෙන්ම “Staph” වගේ බැක්ටීරියා වර්ග සබන් මතුපිට ජීවත් වෙනවා.
2. පුද්ගලික පිරිසිදුකම (Private Parts vs Face) 🚽➡️🙂 නිකමට හිතන්න, එක්කෙනෙක් තමන්ගේ කිහිලි, ඉකිලි සහ රහස් ප්‍රදේශ හෝදන්න පාවිච්චි කරපු සබන් කෑල්ලම අරන්, ඔයා ඔයාගේ මූණ හෝදනවා. හිතද්දිත් පිළිකුල් නේද? මලපහ අංශු (Fecal matter) සබන් මතුපිට රැඳිලා තියෙන්න පුළුවන්.
3. සෙවල ගොඩක් (Moisture is the Enemy) 💧 සබන් කෑල්ලක් වේලෙන්නේ නැතුව නිතරම වතුරේ දියවෙලා, සෙවල වෙලා තියෙනවා නම් ඒක බැක්ටීරියා වලට රජ දහනක්. ඔයා කරන්නේ කුණු හෝදන එක නෙවෙයි, බැක්ටීරියා තට්ටුවක් ඇඟේ ගාගන්න එකයි.
සබන් කෑල්ල ආරක්ෂිතව පාවිච්චි කරන්නේ කොහොමද?
හෝදලා ගන්න: ඊළඟ පාර පොදු සබන් කෑල්ල පාවිච්චි කරන්න කලින්, තත්පර 15ක්වත් වතුරට අල්ලලා සබන් කෑල්ලේ මතුපිට හොඳට හෝදලා (Rinse) පාවිච්චි කරන්න.
වේලෙන්න තියන්න: සබන් කෑල්ල වතුර පිරුණු පෙට්ටියක දාලා තියන්න එපා. වතුර බහින (Drainage) සිදුරු තියෙන සබන් පෙට්ටියක තියන්න. සබන් කෑල්ල වේලුනාම බැක්ටීරියා මැරෙනවා.
පුද්ගලික සබන්: පුළුවන් නම් ගෙදර එක් එක් කෙනාට වෙන වෙනම සබන් කෑල්ලක් තියාගන්න. එහෙම නැත්තම් හැමෝටම පාවිච්චි කරන්න ලේසි බොඩි වොෂ් (Body Wash/Liquid Soap) එකකට මාරු වෙන්න. ඒක තමයි පිරිසිදුම ක්‍රමය.
ගෙදර අයට නිතරම අලුහම්, කුරුලෑ එනවා නම් හේතුව පොදු සබන් කෑල්ල වෙන්න පුළුවන්.
සබන් කෑල්ල ගැන නොහිතන අයට මේක Share කරන්න. 🛁🧼🚫









