ලංකාවේ අපිට ලී හැන්දක්, පොල් කටු හැන්දක් නැතුව උයන්න බැරි තරම්. අපි අවුරුදු ගණන් මේ හැඳි පාවිච්චි කරනවා. නිකමට දැන්ම කුස්සියට ගිහින් ඔයා පාවිච්චි කරන පරණ ලී හැන්ද අතට අරන් බලන්න.
එහි මිට කොටස (Handle) හෝ හැන්දේ දාරය තද කළු හෝ අළු පාට වෙලාද? අපි හිතන්නේ “හැන්ද පරණ වෙලානේ, නැත්තම් ලිපේ රස්නෙට කළු වෙලා” කියලා.
නමුත් ඇත්තටම ඒ කළු වෙලා තියෙන්නේ “පුස්” (Black Mold/Mildew) කියලා ඔබ දැනගෙන හිටියාද?
ඇයි ලී හැඳි මෙච්චර භයානක?
1. ලී කියන්නේ ස්පොන්ජ් එකක් 🧽 ලී කියන්නේ සිදුරු සහිත (Porous) ද්‍රව්‍යයක්. අපි හැන්ද හෝදලා ඒක වේලෙන්න කලින්, හැඳි රඳවනේ (Cutlery holder) දානවා. එහෙම නැත්තම් වතුර භාජනේ ඔබලා තියනවා. ලී හැන්ද ඇතුලට වතුර උරා ගන්නවා. මේ “තෙතමනය” අස්සේ තමයි දිලීර සහ පුස් හැදෙන්න පටන් ගන්නේ. අර කළු පාටට පේන්නේ ඒ දිලීරයි.
2. කෑමට “පුස්” එකතු කිරීම 🥘 ඔයා අර කළු වෙච්ච ලී හැන්ද දාලා උණු උණු පරිප්පු එක, හොදි එක හැඳි ගානවා. හොද්දේ තියෙන රස්නයට අර ලී හැන්දේ තියෙන පුස් බීජාණු (Spores) සහ බැක්ටීරියා බුරුල් වෙලා කෑම එකට එකතු වෙනවා. අපි කොච්චර පිරිසිදුවට ඉව්වත් වැඩක් නෑ, හැන්දෙන් අපිම විස දානවා.
3. නොපෙනෙන ලෙඩ දිගින් දිගටම මේ පුස් ශරීරගත වුනාම හතිය, ශ්වසන ආබාධ, අජීර්ණ සහ බඩේ අමාරු ඇති වෙන්න පුළුවන්. පොඩි ළමයින්ට මේක ගොඩක් අහිතකරයි.
ලී හැඳි පිරිසිදුව තියාගන්නේ කොහොමද?
වතුරේ ඔබාගෙන ඉන්න එපා: උයන අතරතුර ලී හැන්ද වතුර කෝප්පයක ඔබාගෙන ඉන්න පුරුද්දක් තියෙනවා නම් අදම නවත්වන්න.
සෝදා පිහදාන්න: ලී හැන්ද හේදුවට පස්සේ නිකන්ම භාජනේට දාන්න එපා. පිරිසිදු රෙදි කෑල්ලකින් වතුර යන්න තද කරලා පිහදාන්න.
ලුණු වතුරෙන් තම්බන්න: සති 2-3කට සැරයක් උණු වතුර එකකට ලුණු කැට ටිකක් දාලා ලී හැඳි ටික විනාඩි 10ක් විතර තම්බන්න. ලී අස්සේ තියෙන තෙල් කුණු සහ විෂබීජ ඔක්කොම එළියට එනවා.
කළු වෙලා නම් විසි කරන්න: හැන්දේ මිට හොඳටම කළු වෙලා, නියපොත්තෙන් හූරනකොට කළු කුඩු එනවා නම්, ඒකට කරන්න දෙයක් නෑ. ලෝබ නැතුව කුණු බාල්දියට දාන්න.
කෑම රසට හදනවා වගේම පිරිසිදුවට හදන එකත් වැදගත්.
පරණ ලී හැඳි තාම පාවිච්චි කරන අම්මලාට මේක බලන්න ශෙයා කරන්න. 🥄⚠️









