ඔබ අන්නාසි කනවා නෙවෙයි, අන්නාසි ඔබව කනවා.. මොකක්ද මේ කියන කතාව.

0
3400

අන්නාසි, අපි බොහෝ දෙනා කන්න ආස කරන රසයක් ඇති දෙයක්.

අන්නාසි විවිධ විදිහට අපට ආහාරයට එක්කරගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, අන්නාසි කන්න මොන තරම් ඔබ ආස වුණත් සමහරවෙලාවට මේ වගේ දෙයක් ගැන නම් ඔයා දන්නේ නැතුව ඇති.

මේක අහද්දී ටිකක් බය හිතෙන්න පුළුවන්, හැබැයි මේක විද්‍යාත්මක ඇත්තක්..

ඔබ කවදා හරි අන්නාසි කෑල්ලක් කද්දී කට හිරිවැටෙනවා වගේ හෝ දිව කනවා වගේ දැනී තිබෙනවාද? ඒකට හේතුව අන්නාසිවල තියෙන ‘බ්‍රොමෙලයින්’ (Bromelain) කියන සුවිශේෂී එන්සයිමයයි.

මොකක්ද මේකෙන් වෙන්නේ කියලා දන්නවාද..?

බ්‍රොමෙලයින් කියන්නේ ප්‍රෝටීන දියකර හැරීමේ පුදුම හැකියාවක් තියෙන එන්සයිමයක්.

ඔබ අන්නාසි හපන විට, එහි ඇති බ්‍රොමෙලයින් ඔබේ දිවේ සහ කම්මුල් ඇතුළත පටලවල ඇති ප්‍රෝටීන දිය කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සරලවම අන්නාසි ඔබව ආහාරයට ගන්න උත්සාහ කරනවා.

අපි මස් පිසීමේදී අන්නාසි පාවිච්චි කරන්නේ මස්වල ඇති තද ගතිය නැති කර මෘදු කරන්නයි (Meat Tenderizer). ඔබේ කට ඇතුළටත් අන්නාසි කරන්නේ ඒ දේමයි.

ඒත් බය වෙන්න එපා. අපේ ශරීරය අන්නාසිවලට වඩා බලවත්. ඔබ අන්නාසි කෑල්ල ගිලපු ගමන් ඔබේ බඩේ තියෙන අම්ල මගින් ඒ එන්සයිමය විනාශ කර දමනවා.

ඒ වගේම අපේ කටේ සෛල ඉතා ඉක්මනින් නැවත අලුත්වැඩියා වෙනවා.

අන්නාසි කනකොට දිව දැනෙන මේ දේ අඩු කරගන්න පොඩි ටිප් එකක් තමයි මේ කියන්න යන්නේ.

අන්නාසි කෑමට පෙර ලුණු වතුරේ පොඩ්ඩක් පොඟවා ගන්න. එවිට එහි ඇති බ්‍රොමෙලයින් ක්‍රියාකාරීත්වය මඳක් අඩු වෙනවා.

අන්තර්ජාලය ඇසුරෙන්..

Previous articleතුන්වරක්ම ඔහුගේ ජිවිතය බේරු ඔහු නම් දෙවියෙක්… වෛද්‍යවරයා ගැන ඩොක්ටර් පාලිත රාජපක්ෂ තැබූ සටහන මෙන්න…
Next article“එයා හැමදේම දැනගෙන මූණ දෙන්න සූදානම් වෙලා තිබුණා… මට හරි මහන්සියි අම්මෙ කියලා විතරයි කිව්වේ” – හඳුනා නොගත් රෝගයකින් අකාලයේ සමුගත් මිගිහින්වත්තේ පුංචි වෙද නෝනා