Home දේශිය පුවත් නාලන්දා විද්‍යාලයට අද විශේෂ දවසක්..! නාලන්දාවට ගිය ඇය නාලන්දාවේ මිෂන් එක ගැන...

නාලන්දා විද්‍යාලයට අද විශේෂ දවසක්..! නාලන්දාවට ගිය ඇය නාලන්දාවේ මිෂන් එක ගැන කියයි..!

0
7849
කොළඹ නාලන්දා විද්‍යාලය කියන්නේ ඉතින් ලංකාවේ ප්‍රසිද්ධම පාසලක්නේ.

නාලන්දේ අවුරුදු 100 ක අභිමානයත් එක්ක අද විවෘත වුණේ නිකම්ම නිකම් ගොඩනැගිල්ලක් නෙවෙයි, අනාගතයේ සුපිරි නවෝත්පාදකයෝ බිහි කරන “නවෝත්පාදන මන්දිරය”

මේ අභිමානවත් මොහොතට ප්‍රධාන අමුත්තා විදිහට සහභාගී වුණේ අපේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය. අගමැතිනියගේ සුරතින් තමයි මේ අලුත් ගොඩනැගිල්ල අද උත්සවාකාරයෙන් විවෘත වුණේ.

මේ ගොඩනැගිල්ලට නම දීලා තියෙන්නේ “ධර්මා ගුණසිංහ මන්දිරය” කියලා. නාලන්දේ ඉතිහාසයේ “රන් යුගය” නිර්මාණය කරපු, හැමෝගෙම ගෞරවයට පාත්‍ර වුණ හිටපු විදුහල්පති ධර්මා ගුණසිංහ මහත්තයට උපහාරයක් විදිහටයි මේ නම දාලා තියෙන්නේ.

මේ ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරන්න ඇස්තමේන්තු කරලා තියෙන මුදල රුපියල් මිලියන 600 ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 60 ක්. නාලන්දේ කොල්ලන්ට ඉතින් සුපිරිම පහසුකම් ටිකක් තමයි මේ ලැබෙන්න යන්නේ.
Previous article‘මම දැන් තනිකඩ ජීවිතයක් ගත කරන්නෙ. ආදරය සුන්දර වෙන්නෙ රවට්ටන්නෙ නැතුව අවංකව ආදරය කරනකොට..” – සචින් ලියනගේ
Next articleඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ විඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights