මියයන විට ඔහු 28 හැවිරිදි වියේ පසු වුණා.
එක්සත් ජනපද නාවික සීල් පුහුණුව කියන්නේ ලෝකයේ ඕනෑම හමුදා නිලධාරියෙකුට ඇති අසීරුම අභියෝගයක්.
එම පුහුණුව සාර්ථකව නිම කර කීර්තිමත් “සීල් පදක්කම” දිනාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස කොයන් චමිත ඉතිහාසයට එක්වෙනවා.
එලෙසම ඔහු නාවික හමුදාවේ ප්‍රභූ ඒකකය වන විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) දක්ෂතම නිලධාරියෙකු බව සදහන්.
නාවික හමුදා තොරතුරු වලට අනුව, ලුතිනන් කොයන් චමිත මියයන විට වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරියේ නියුක්තව සිටියා
යකඩ වැනි සිරුරක් සහ අසීමිත මානසික ශක්තියක් තිබූ, ලොව දරුණුතම පුහුණුවීම් ජයගත් මේ තරුණයා මෙතරම් ඉක්මනින් සමුගත්තේ ඇයිද යන්න සැමට ගැටලුවක්.
මෙම හදිසි අභාවය පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
එම වාර්තාව ලැබුණු පසු ඔහුට කුමක් සිදු වීද යන්න පිළිබඳ නිල තොරතුරු අනාවරණය වනු ඇති.
ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ කොයන් චමිතගේ වියෝව ශ්‍රී ලංකා නාවික හමුදාවට පමණක් නොව, මුළු දේශයටම පියවිය නොහැකි පාඩුවක්.
ඔහුගේ අභීත ගමන සහ මව්බිම වෙනුවෙන් තැබූ ලෝක වාර්තාව කිසිදා මැකී නොයනු ඇත.












