Home දේශිය පුවත් ස්කූටරයේ ගිය ඇයගේ ජීවිතය ටිපර් රථ රියදුරෙකු උදුරාගනී.. දින ගණනක් ජීවිතයත් මරණයත්...

ස්කූටරයේ ගිය ඇයගේ ජීවිතය ටිපර් රථ රියදුරෙකු උදුරාගනී.. දින ගණනක් ජීවිතයත් මරණයත් සමග සටන කළ ඇය ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..

0
879

 

 

මේ කියන්න යන්නේ හදවත් කම්පා කළ තවත් අනතු‍රක් ගැන ඇසෙන කතාවක්.

ස්කූටර් යතුරුපැදියකින් යමින් සිටි ඇතිමලේ වැවිලි සමාගමේ විධායක නිලධාරීවරියක් මොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ කරාන හංදිය ආසලදී ටිපර් රථයක ගැටීමෙන් පෙරේදා මරුමුවට පත්ව ඇතැයි මොණරාගල පොලිසිය පැවසුවා.

මෙම අනතුර ඉකුත් 18 වැනිදා සිදුව ඇති අතර, බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ ඇතිමලේ වැවිලි සමාගමේ විධායක නිලධාරිනියක ලෙස සේවය කළ මුතුකණ්ඩිය ගොවිජනපදයේ 03 වෙනි ගම්මානයේ පදිංචි සමරනායක මුදියාන්සේලාගේ චම්පිකා දමයන්ති කුමාරී (39) නැමති විවාහක කාන්තාවක්.

ඇය සිය ස්කූටි වර්ගයේ යතුරුපැදියෙන් තම ඥාති දියණියක සමඟ මොනරාගල දෙස සිට සියඹලාණ්ඩුවට යමින් සිටියදී සියඹලාණ්ඩු දෙසින් පැමිණි විපර් රථයක් යතුරු පැදියේ ගැටී තිබුණා.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පැදිකරුවූ මරණකාරිය සහ පසුපැදිකාරිය මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

ටිපර් රථයේ රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ඩික්සන් කුමාර ඇතුළු නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

Previous articleඒ වීඩියෝව නිසා ඔහුට වෙත එල්ල වුණේ බරපතල චෝදනාවක්.. බස් රථයේ සිදුවීමෙන් පසු , පුද්ගලයෙක් ජීවිතය ගැන අවසන් තීරණයක් ගනී..
Next articleඒ ආදර කතාව දැන් තවත් ලස්සනයි.. මතක පිටු අතර වසර ගණනක් ගෙවා දැමූ මේනක – නෙහාරා ආදර අන්දරය..
error: Content is protected !!
Verified by MonsterInsights