ලෝකයේ මිනිස්සු එක එක දේවල් වෙනුවෙන් පාගමන් යනවා අපි දැකලා තිබුණත්, මේ කියන්න යන පාගමන නම් ඇත්තටම අදහාගන්න බැරි තරම් පුදුම සහගතයි. ඒ වගේම හරිම සංවේදියි.
පසුගිය ඔක්තෝබර් මාසයේ ටෙක්සාස්වලින් ආරම්භ වුණු මේ මහා සාම පාගමන අද (11) වොෂින්ටන් නුවරින් අවසන් වුණේ මුළු ලෝකයේම අවධානය ඇමෙරිකාවට යොමු කරමින්.
භික්ෂූන් වහන්සේලා පිරිසක් සැතපුම් 2,300ක දැවැන්ත දුරක් දින 108ක් පුරා පයින්ම ගමන් කළේ ලෝකයටම සාමය සහ මෛත්‍රිය බෙදා දෙන්නයි.
මේ ගමනේ වැඩිම ආකර්ෂණයක් ලැබුණේ භික්ෂූන් වහන්සේලාට විතරක් නෙවෙයි.
උන්වහන්සේලාගේ සෙවණැල්ල වගේ මේ සැතපුම් දහස් ගණනම පයින් ඇවිදගෙන ආපු “ආලෝක” නම් සුනඛයාටයි.
තිරිසන් සතෙක් වුණත්, “ආලෝක” පෙන්නපු ඒ ඉවසීම සහ කැපවීම දැකලා ලෝකයේ බොහෝ දෙනෙක් පුදුම වෙලා තියෙනවා.
භික්ෂූන් වහන්සේලා පියවර තබන තබන තැන ආලෝකත් හිටියා. උන්වහන්සේලා විවේක ගන්න තැන ආලෝකත් හිටියා.
වෛරයෙන් පිරි ලෝකයකට මෛත්‍රියෙන් හැමදේම ජයගන්න පුළුවන් කියලා මේ භික්ෂූන් වහන්සේලා සහ ආලෝක සැබෑ ආදර්ශයක් දීලා තියෙනවා.
සැතපුම් 2,300ක් කියන්නේ ලොකු දුරක් වුණත්, සිතේ අධිෂ්ඨානය තියෙනවා නම් ඕනෑම ඉලක්කයක් ජයගන්න පුළුවන් කියන එකට මේක තමයි හොඳම උදාහරණය.















