මාධවී වත්සලා ඇන්තනී, කලා පවුලක පුරුකක් වුණු ඇය මේ දවස්වල ඒ තරම් කලා වැඩවලින් දැකගන්න නැත්තේ ඇය මවක් ලෙස කාර්‍යබහුල වීම නිසා කියලා කියන්න පුළුවන්..
ඒත් ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් නිතර දෙවේලේ ඇයගේ මුහුණුපොත එක්ක එකතු වෙනවා නේ. ඉතින් කෛලාෂ්ගේ හුරතල් එක්ක දැන්නම් හැම වෙලාවකම මාධවී ඉන්නේ හිත පුරවාගෙන කිව්වොත් හරි.
මාධවී අම්මා කෙනෙක් විදිහට ඇයට පුළුවන් උපරිමයෙන්ම පුංචි කෛලාෂ් වෙනුවෙන් වෙහෙසෙනවා.
මොවුන් කොහොමත් ඉතින් ජනප්‍රිය නිසා මාධවීට නිතර දෙවේලේ සමාජමාධ්‍යවල කතා නිර්මාණය වෙන එක සාමාන්‍ය දෙයක් වුණත් ඇය ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරාගන්නවා කියන එක නම් මතක් කරන්නම ඕන..
ඔන්න ඉතින් තවත් ඡායාරූප දෙකක් එක්ක මාධවී මේ කියන්නේ වෙනස්ම කතාවක් බලන්නකෝ ඇය මේ මොක්කද කියන්නේ කියලා..
“ටිකක් එක වගේ නේහ්..? මේ මායි, අපේ පුතයි..
දරුවො ටිකක් හරි අපි වගේ කියලා අහගන්න අපි හරි ආසයි නේ. මං හිතන්නෙ ඒකට හේතුව අපි දරුවන් තුළින් අපේ ළමා කාලය දකින එක වෙන්න ඇති. එහෙමත් නැත්නම් අපි ලඟ තිබුණු බව අපට මතක නමුත් ජීවිතේ විසින් අපෙන් උදුරගත්තු නිර්මලකම ඒ දරුවෝ තුළ කිරි කිරියේ තියෙන නිසා වෙන්න ඇති. ඒක හරියට එක ආකාරයක පුනරුත්පත්තියක් වගේ. ඒත් පරිස්සම් වෙන්න ඕනෙ අපේ අපේක්ෂා සහ අරමුණු (විශේෂයෙන්ම අපට මගහැරුනු දේවල්, අපෙන් උදුරගත්තු දේවල්) දරුවන් පිට බලෙන් පටවන්නෙ නැතුව ඉන්න. එයාලට එයාලගෙ කුසලතා බය නැතුව හඳුනගන්නත් ඒවා විඳගන්නත් දෙන්න.
හරි ලෝබයි කෛලාෂ් පුතාව දකින වාරයක් පාසා පපුව කීරිගැහෙන තරම් ආදරයක් දැනෙනවා. බයක් දැනෙනවා. “මම හොඳද පුතේ?” අහන්න හිතෙනවා. අහන්නත් ඕනෙ නෑ ඒ ඇස් වල විශ්වාසය කියන මිනිරන් වලින් උත්තරේ ලියවිලා තියෙනවා.
ඒ විශ්වාසය නොමැකී රකින්න අපි කළ යුතු සහ නොකළයුතු දේ තෝරාබේරගන්න එක තමයි දැන් මට නම් ජීවිතේ. වරදින තැන් නැතුව නෙවෙයි. ඒත් කොහොම වුනත් ජීවිතේ අතාරින්නෙ නෑ.”















