Home ජීවිතයට යමක් ආහාර ගැනීමෙන් පසු අප සිදුකරන වැරදි ක‍්‍රියාවන් හා ඒවාට පහසු පිළියම්

ආහාර ගැනීමෙන් පසු අප සිදුකරන වැරදි ක‍්‍රියාවන් හා ඒවාට පහසු පිළියම්

0
9196

ගෙදරදී විතරක් නොවෙයි, හෝටලයක ගියත්, පාටියකට ගියත් අපේ සමහර අය සීමාවක් නැතිව කෑම ගන්නවා. ඒ නිසා බොහෝ දෙනාට ලෙඩ රෝග හැදෙන්නේ ඔවුන්ටත් නොදැනුවත්වමයි. අනෙක් එක තමයි ආහාර ගැනීමෙන් පසු සිදු කරන විවිධ ක්‍රියා. ඒ දේවල් හොඳයි කියලා හිතාගෙන කළත් ඇත්තටම ඒවා නිසා අපේ ශරීරය රෝගී වෙනවා. හිතාගන්න බැරි ලෙඩ රෝග ඇතිවෙනවා.

මේ විදිහට ආහාර ගැනීමෙන් පසු අපි සිදු කරන වැරදි ක්‍රියා සහ ඒවාට පිළියම් කිහිපයක් මේ වනවිට අන්තර්ජාලයේ Health Digest නම් ප්‍රසිද්ධ වෙබ් අඩවියක සඳහන් වෙලා තියෙනවා. ඒවායින් කිහිපයක් තමයි මේ:

1) දුම්පානයෙන් වළකින්න

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පර්යේෂණ අනුව ආහාර ගැනීමෙන් පසු සිගරට් එකක් පානය කිරීම, සිගරට් 10ක් පානය කිරීමකට සමාන හානිකර බව කියයි. (පිළිකා ඇතිවීමට ඇති අවදානම ඉතා ඉහළයි.)

2) ආහාර ගත් සැණින්ම පලතුරු ආහාරයට ගැනීමෙන් වළකින්න

ඔබ ආහාර ගත් සැණින්ම පලතුරු ගත්තොත්, ඒවා ආමාශයේ නිසි ලෙස ජීර්ණ නොවී ගෑස් සහ අජීර්ණ තත්ත්ව ඇතිවිය හැක. ඒ නිසා ආහාර ගැනීමෙන් පැයකට පසු හෝ ආහාරයට පැයකට පෙර පලතුරු ගැනීම සුදුසුයි. උදෑසන හිස්බඩ පලතුරු ගැනීම වඩාත් යහපත් බවත් සඳහන් වේ. එවිට පලතුරු වල අඩංගු පෝෂක හොඳින් ශරීරයට අවශෝෂණය වේ.

3) තේ පානය කිරීමෙන් වළකින්න

තේ කොළවල අම්ල සංයෝග ඇත. මේවා ආහාරයේ ඇති ප්‍රෝටීන ජීර්ණය කඩාවැටීමට හේතු විය හැක. එබැවින් ආහාර ගැනීමෙන් පැයකට පසු තේ පානය කිරීම වඩාත් සුදුසුයි.

4) බෙල්ට් එක ලිහිල් කිරීමෙන් වළකින්න

අපි බොහෝ විට වැඩිපුර කෑම ගත් පසු බෙල්ට් එක ලිහිල් කරන පුරුද්දක් ඇත. එය පහසු බවක් දැනුනත්, එමඟින් තවත් වැඩිපුර කෑම ගැනීමට පෙළඹීමක් ඇතිවිය හැක. වැඩිපුර ආහාර ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි. ඒ නිසා බෙල්ට් එක ලිහිල් කිරීමට සිදු නොවන තරමට පමණක් ආහාර ගැනීම සුදුසුයි.

5) නාන එකෙන් වළකින්න

ආහාර ගැනීමෙන් වහාම නානවා නම්, රුධිර ප්‍රවාහය සමහර විට අත් පා සහ ශරීරයේ අනෙකුත් කොටස් වෙත වැඩි විය හැක. එවිට ආමාශය වෙත යන රුධිර ප්‍රමාණය අඩුවී ජීර්ණ ක්‍රියාව අඩාල විය හැක.

6) ව්‍යායාම කිරීමෙන් වළකින්න

ආහාර ගැනීමෙන් වහාම ව්‍යායාම කිරීම සුදුසු නොවේ. එය අජීර්ණ තත්ත්ව ඇති කළ හැක. ආහාර ගැනීමෙන් පැයකට පසු සැහැල්ලු ව්‍යායාම කිරීම වඩාත් යහපත්ය.

7) නිදාගැනීමෙන් වළකින්න

ආහාර ගැනීමෙන් වහාම නිදාගැනීමෙන් ආහාර නිසි ලෙස ජීර්ණ නොවී ගෑස් සහ අජීර්ණ තත්ත්ව ඇතිවිය හැක.

✍️ ලක්මාලි විමලරත්න.

Previous articleමෙන්න ඔබ නොදත් ලිංගික ඉරියව් 100ක්..
Next articleඅතේ ඇඟිලි හෙළි කරන ජීවන රහස්‌..
error: Content is protected !!
Verified by MonsterInsights