ගැහැණු සහ පිරිමි දෙදෙනා අතර ඇතිවන ලිංගික එක්වීම කියන කරුණ තරම් දන්නා තවත් කරුණක් නැත. එසේම ඒ තරම් නොදන්නා තවත් කරුණක් ද නොමැත. ලිංගික එක්වීම කියන්නේ වර්ගයා බෝ කිරීම සඳහා ජීව විද්‍යාත්මක ශරීර සැලසුමේ අවශ්‍යතාවයක් වූවත් එය සංස්කෘතික අවශ්‍යතාවයක් ලෙසයි මිනිසා හා වඩාත් බැඳී ඇත්තේ.
මානව ඉතිහාසය පුරා සලකා බැලූ විට කෙනෙකු ලිංගික කාර්යයේ යෙදෙන්නේ වර්ගයා බෝ කිරීම සඳහා නම් ලිංගිකමය ආදරය යනු වෙනමත් හුදෙක් නොපවතින දෙයක් ලෙස සැලකේ. රතිය සතුටකි. එය ලබා ගත හැකි මාධ්‍යය ආදරයයි.
වಾತ්ස්‍යායන මච්චවරයා ක්‍රිස්තු පූර්ව (400-200) යුගයේදී කාමසූත්‍රය ලියූවේ සංගමය සඳහා මිනිසා පෙළඹවන්නේ අර කිවූ සංස්කෘතික අවශ්‍යතාවය වෙනුවෙන් බව වටහාගෙනය.
සූක්ෂම කලාවන් අතර තවත් එක කලාවක් වන රති ක්‍රීඩා හැදෑරීම රජකුමාර කුමාරියන්ගේ රති සතුට උදෙසා වන අතර කාමසූත්‍රය ලියූවේද ඒ වෙනුවෙනි. එහෙත් එය අද සමස්ත මිනිස් වර්ගයේ රති සතුට වෙනුවෙන් වූ ලිංගිකමය ශුද්ධ වූ ග්‍රන්ථයකි.
එහෙත් වර්තමානයේදීත් මිනිසා තම ලිංගික කාර්යය සම්බන්ධයෙන් නොදරුවකු ගණන්ය. පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුල් කිරීම හෝ එතුළ ශුක්‍රාණු පැලවීම ලිංගික කාර්යය ලෙස දැන සිටින ප්‍රජාව අති මහත්ය. එහෙත් එය එට වඩා ඉතා විශාල වපසරියක් සහිතය.
අද විවාහ ජීවිත කඩා වැටී යාමට වැඩිමනත් හේතුවක් වී ඇත්තේ මේ විශාල වපසරිය සහිත විෂයය තරම්වත් දෙයක් නොදැනීමයි. මේ නොදැනීම ගැහැණියට හෝ පිරිමියාට යන දෙදෙනාටම අදාලය. නමුත් සුව ආදරණීය හා වන ලිංගික ජීවිතය වඩාත් උත්කෘෂ්ට කර ගැනීම සඳහා වැඩි වගකීම ඇත්තේ ගැහැණිය වෙතය. මන්ද ලිංගික කාර්යය සඳහා පිරිමියා පෙළඹව ගැනීම, කාර්යක්ෂමයකු කිරීම හා ඒ සුරාන්තය දිවියමය සතුටක් බවට පත්කරවීම ඇය සතු කාර්යයකි.
එබැවින් මේ සම්බන්ධයෙන් දැනුවත් වීම ඇය මඟ නොහැරිය යුතුය. එහෙත් අද ලිංගික කරුණු ගැන කතා කිරීමවත් ඇයගේ ජීවන වපසරියට අදාල කර ගැනෙන්නේ නැති බව පෙනේ.
ඒ කෙසේ නමුත් ලිංගික සංගමයේදී තම සහකරු හා ලබන සතුටක් වේ නම් එය උපරිමයෙන් ජීවිත කාලය පුරා විවිධත්වයෙන් යුතුව අත්පත් කර ගැනීම උදෙසා වාත්ස්‍යායන මච්චවරයා තම කාමසූත්‍ර කෘතිය මගින් මාර්ග රැසක් කියා දේ.
මෙම විවිධ ආකාරයෙන් ලිංගික සතුට ලබා ගැනීම සඳහා ඔහු ඉදිරිපත් කළ ලිංගික ඉරියව් සියයකි.











