Home ජීවිතයට යමක් ආදරේ වැඩි වෙන්න නම් රෑට වෙන් වෙන්න! අමුතුම රැල්ලක විද්‍යාත්මක ඇත්ත මෙන්න…

ආදරේ වැඩි වෙන්න නම් රෑට වෙන් වෙන්න! අමුතුම රැල්ලක විද්‍යාත්මක ඇත්ත මෙන්න…

0
34

සම්බන්ධතාවයක ඉන්නවා නම් දෙන්නා එකටම නිදාගන්න ඕනේ කියන පරණ මතය දැන් හෙමින් හෙමින් වෙනස් වෙන්න පටන් අරන්.

අහන්නත් පුදුම ඇති, ඒත් ලෝකය පුරා දැන් ගොඩක් ජෝඩු තමන්ගේ සහකරු හෝ සහකාරියගෙන් රෑට විතරක් දික්කසාද වෙන්න තීරණය කරලා.

මේකට කියන්නේ Sleep Divorce කියලා.

හැබැයි මේක රණ්ඩුවක් වෙලා කරන දෙයක් නෙවෙයි, තමන්ගේ සහකරුට තියෙන ආදරය වැඩි කරගන්න කරන සෞඛ්‍ය සම්පන්න තීරණයක්!

ස්නායු විද්‍යාඥයන් (Neuroscientists) පවසන අන්දමට, වෙන වෙනම නිදාගන්නා ජෝඩුවලට සාමාන්‍ය අයට වඩා 30% කින් වැඩි ගැඹුරු නින්දක් (REM sleep) ලැබෙනවා.

ඔබේ සහකරු ගොරවනවා නම්, නින්දෙන් ඇඳ පුරා දඟලනවා නම් හෝ රෑ මැද ඇහැරිලා ෆෝන් එක බලනවා නම්, ඒ පුංචි බාධාව පවා ඔබේ මොළයේ විවේකයට ලොකු බලපෑමක් කරනවා. වෙනම නිදාගැනීමෙන් මේ බාධා ඉවත් වෙන නිසා උදේට ඇහැරෙන්නේ හරිම නැවුම් මනසකින්.

අනවශ්‍ය රණ්ඩු සරුවල්වලට ප්‍රධානම හේතුවක් තමයි “නිදිමත”. හරියට නින්දක් නැති වුණාම ඇතිවන මානසික පීඩනය නිසා දවල් කාලයේදී පුංචි දේටත් කේන්ති යන එක සාමාන්‍යයි.

හොඳ නින්දක් = ඉවසීම වැඩි වීම

වෙනම ඇඳක් = දෙන්නා අතර ගැටුම් අඩු වීම

සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න නම්, සමහර වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි තමන්ටම කියලා වෙනම ඇඳක නිදහසේ නිදාගන්න එක. ඒක ශරීරයට වගේම හිතටත් ලොකු සහනයක් වේවි.

සමාක මාධ්‍ය ඇසුරෙන්……

Previous article‘අම්මා’ කියා ඇමතූ පැපරාසීන්ට අම්මා මතක් කර බැන්න ශ්‍රැති හාසන්.
Next articleපිළිකාවකින් බේරිලා පන වගේ ආදරේ කරන පෙම්වතා සමග අතිනත ගන්න වෙලාවේ නෑනා විසින් ඇගේ මංගල ඇඳුමට කළු තීන්ත දැම්මා.. ඊට පස්සේ සිදුවුණ දේ නිසා හැමෝගෙම ඇස් උඩ ගියා.
error: Content is protected !!
Verified by MonsterInsights