‘අම්මා’ කියා ඇමතූ පැපරාසීන්ට අම්මා මතක් කර බැන්න ශ්‍රැති හාසන්… 🥰
40 වැනි උපන්දිනය සමරමින් සිටින ජනප්‍රිය නිළි ශ්‍රැති හාසන් (Shruti Haasan) ට යකා වැහුණ අවස්ථාවක් පසුගිය දා පැපරසි (paparazzi) කැමරාවල සටහන් වුණා.
ඒ මුම්බායි හි අවන්හලකින් පිටව යන අවස්ථාවේ ඇය පසුපස පැමිණි පැපරාසින් අතර සිටි එක් පැපරාසිකරුවෙක් ඇයට අම්මා “mumma” යැයි ඇමතීමත් සමඟයි.
📸 සෙනසුරාදා සවස ඇය අවන්හලකින් පිටව යාමට පැමිණෙද්දී පැපරාසි මාධ්‍යකරුවන් ඇගේ ඡායාරූප ලබා ගැනීමට උත්සාහ කර තිබූ අතර එක් ඡායාරූප ශිල්පියෙක් ඇයට ‘මම්මා’ යනුවෙන් ආමන්ත්‍රණය කර තිබුණා.
එයට ක්ෂණිකව ශ්‍රැතිගෙන් ලැබුණේ දැඩි අකාරුණික ප්‍රතිචාරයකි.
“Kaun hai mumma? Aapki mumma hai? Kya bak rahe ho tum?”
“කවුද මම්මා? ඔයාගේ අම්මාද?මොනවද මේ කියන්නේ?” යනුවෙන් ශ්‍රැති ආවේගශීලී වූ බවයි දක්නට ලැබෙන්නේ. එම අවස්තාවේ වීඩියෝ පටයක්ද මේ වන විට වෛරල් වෙමින් පවතී.
“අම්මා” යනු දකුණු ඉන්දියාවේ කාන්තාවන්ට ගෞරවනීය ආමන්ත්‍රණයක් ලෙස සාමාන්‍යයෙන් භාවිත වන ආදරණීය යෙදුමකි.
කෙසේවෙතත්, කෙටි වේලාවකට පසුව ඇය නැවත සන්සුන් වී සිනාසෙමින් එම ස්ථානයෙන් පිටත්ව යන ආකාරය ද එහි සටහන් වුණා.










