Home දේශිය පුවත් පවුම් 7ක් වෙනුවෙන් තම ජීවිතයම අපද්‍රව්‍ය සමඟින් ලංසුවට තබන අරුම පුදුම රැකියාව

පවුම් 7ක් වෙනුවෙන් තම ජීවිතයම අපද්‍රව්‍ය සමඟින් ලංසුවට තබන අරුම පුදුම රැකියාව

0
446

වර්තමානයේ ලොව පුරා වෙසෙන බොහෝ දෙනෙකු පාහේ රැකියාවල නිරතවෙයි.ඒ අතුරින් බහුතරය තමා සිදුකරන්නා වූ රැකියාව පිළිබඳව නිතර මැසිවිලි නැඟීම සුලභ කරුණකි.දිනකට පවුම් හත හමාරක් වෙනුවෙන් තම ජීවිතයම කැපකර අති  දුෂ්කර වූ රැකියාවක යෙදෙනෙ පුද්ගලයන් පිළිබඳව ඔබ මින් පෙර කිසිදිනෙක නොඅසා ඇති.

මිලියන 14ක ජනගහණයකින් යුක්ත බංගලාදේශයේ ඩකා නගරය කේන්ද්‍ර කරගනිමින් තම රැකියාවේ නිරතවන මෙම පුද්ගලයන් හට දිනකට පවුම් හත හමාරක මුදලක් ලැබෙනුයේ එම නගරයේ පිහිටි කැළිකසල,ඝන අපද්‍රව්‍ය පරිවහනය කරන කාණු පද්ධතීන්ගේ සිදුවන අවහිරතා පවිත්‍රකිරීම උදෙසාය.

මේ සියලුම පවිත්‍රතා කටයුතු කිසිදු ආකාරයක යන්ත්‍ර සුත්‍ර භාවිතයක්,ආරක්ෂණ පිළිවෙතක්,ජීවිතාරක්ෂක ක්‍රමවේදයක්,නිසි සනිපාරක්ෂක තත්වයක් යටතේ නම් සිදු නොකරයි.එදිනෙදා පවතින වැසි තත්වයන් හේතුවෙන් අවහිරතා වලට ලක්වන මෙම කාණු පද්ධතීන් තුලට තම සාමාන්‍ය ඇඳිවත සමඟින් කිමිදෙන මෙම පුද්ගලයන්ගේ ජීවිතයන් පිළිබඳව කිසිදු වගවිභාගයක් නැති තරම්ය.දිනකට පවුම් 4.50 සිට පවුම් 7.50 ක් දක්වා යන මිලගණන් ඔස්සේ මොවුන් තම රැකියාවේ නිරත වේ.

මොවුන් මිනිස් මල අපද්‍රව්‍ය සහිත කාණු මෙන්ම විවධ රසායන ද්‍රව්‍ය පරිවහනය නල පද්ධතීන් සමඟද කටයුතු කරයි.වසරට සැලකියයුතු මටටමේ පිරිසක් මෙම රැකියාව හේතුවෙන් මරණයට පත්වන අතරම පසුකාලීනව විවධ වූ සෞඛ්‍ය ගැටළු කෙරෙහිද මුහුණ පෑමට මොවුන්ට සිදුවේ.

Previous articleඅපේ ආදරයේ සදාකාලික ආරම්භය..” – සුහන්දි වෝසදීගෙන් ආදරණීය හෙළිදරව්වක්! කවුද මේ වාසනාවන්තයා?
Next articleKiss එකේ ලෙඩ ගොඩක්…
error: Content is protected !!
Verified by MonsterInsights