Home ජීවිතයට යමක් හදවතේ පලතුරෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන බොහෝමයි.. හදවතක හැඩය ගත් ස්ට්‍රෝබෙරි ගැන මේ...

හදවතේ පලතුරෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන බොහෝමයි.. හදවතක හැඩය ගත් ස්ට්‍රෝබෙරි ගැන මේ ඇසෙන කතාව ඔබත් මින් පෙර දැන සිටියාද..?

0
1284
හදවතක හැඩය ගත් ස්ට්‍රෝබෙරි (Strawberries) ඇත්තටම ඔබේ හදවතට ඉතා ගුණදායක පලතුරක් බව ඔබ දන්නවාද?

සොබාදහම විසින්ම හදවතක හැඩය ලබා දී ඇති මෙම රසවත් පලතුර, රෝග රැසකින් අපව ආරක්ෂා කරන මහඟු ඖෂධයකි.

ස්ට්‍රෝබෙරිවල අඩංගු සුවිශේෂී පෝෂක කොටස් කිහිපයක් නිසා එය “හදවතේ පලතුර” ලෙස හැඳින්වෙන අතර, එය ඔබේ හදවතට හිතකර වන්නේ කෙසේද යන්න ගැන මෙන්න හරියටම දැනගනිමු.

ප්‍රතිඔක්සිකාරක (Antioxidants) බහුල වීම – ස්ට්‍රෝබෙරි වල අන්තර්ගත ඇන්තොසයනින් (Anthocyanins) වැනි ප්‍රතිඔක්සිකාරක මගින් රුධිර නාල වල ප්‍රදාහය (Inflammation) අඩු කරන අතර හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවම කරයි.

රුධිර පීඩනය පාලනය කිරීම – මෙහි ඇති පොටෑසියම් (Potassium) මගින් ශරීරයේ රුධිර පීඩනය සමබරව පවත්වා ගැනීමට උදවු වේ.

අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීම – නිතිපතා ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමෙන් රුධිරයේ ඇති අහිතකර LDL කොලෙස්ටරෝල් මට්ටම අඩු කර ගත හැකිය.

රුධිර සීනි පාලනය – මෙහි ග්ලයිසමික් දර්ශකය (Glycemic Index) අඩු බැවින් රුධිරයේ සීනි මට්ටම එක්වරම ඉහළ යාම වළක්වයි.

ඒ විතරක් නෙවෙයි, මෙහි ඇති විටමින් C, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. එසේම ෆයිබර් (තන්තු)ආහාර ජීර්ණය පහසු කරයි සහ බර පාලනයට උදව් වෙනවා. ෆෝලේට්සෛල වර්ධනයට සහ නීරෝගී රුධිර සෛල නිපදවීමට උපකාරී වෙනවා.

මෙම පලතුරෙන් උපරිම ගුණ ලබා ගැනීමට නම්, කෘතිම සීනි හෝ ක්‍රීම් වර්ග එකතු නොකර ස්වාභාවිකව ස්ට්‍රෝබෙරි ආහාරයට ගැනීමට උත්සාහ කරන්න.

Previous article“වයිෆ් එක්ක රණ්ඩු වුණාට කමක් නෑ – හැබැයි කවදාවත් එයාට මේ වචන ටික කියන්න එපා!”
Next articleඔබට සෙත් ලැබදෙන බෝධි පූජාවක් නිවැරදිව සිදුකරන්නේ මෙන්න මෙහෙමයි..
error: Content is protected !!
Verified by MonsterInsights