Home දේශිය පුවත් ඇය ඔහුගේ කිරි තේ එකට මිශ්‍ර කරේ මොනවාද ? රටම කැළඹූ ඒ...

ඇය ඔහුගේ කිරි තේ එකට මිශ්‍ර කරේ මොනවාද ? රටම කැළඹූ ඒ සිද්ධිය අවසානයේ කෙලවර වුනේ මෙහෙම…

0
728

පිළියන්දල ප්‍රදේශයෙන් විශ්මයජනක සිද්ධියක් වාර්තා වන අතර, සිර මැදිරියේ රඳවා සිටි 24 හැවිරිදි තරුණයෙකුට මත්ද්‍රව්‍ය මුසු කළ කිරිතේ සහ ආහාර ලබාදීමට උත්සාහ කළ 22 හැවිරිදි තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, සැකකාරිය රැගෙන ආ සැන්විච් එකක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත් කරලක්ද පරීක්ෂාවේදී හමුවූ බවයි.

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි තරුණයා, අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී, ඔහුගේ පෙම්වතිය ලෙස හඳුන්වන තරුණිය ඊයේ (22) දහවල් ඔහුව බැලීමට පැමිණ ඇත.

තරුණයා සමඟ කතාබස් කළ ඇය, පොලිස් නිලධාරීන්ගේ අවසරය මත තේ එකක් රැගෙන පිටව ගොස්, මඳ වේලාවකින් කුඩා ඉටි බෑගයකින් බටයක් සහිත කිරිතේ එකක් සහ සැන්විච් එකක් සමඟ නැවත පැමිණ තිබේ.

කෙසේ වෙතත්, ස්ථානාධිපතිවරයාට ලැබුණු රහස් තොරතුරක් මත එම ආහාර පරීක්ෂා කළ පොලිසිය, ඒවා තුළ මත්ද්‍රව්‍ය අඩංගු බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පිළියන්දල පොලිසිය විසින් සිදුකරයි.

Previous articleයොහානිට මොකද වුනේ..? රටක්ම ආදරේ කරන ගී තරුවක් වූ ඇය ගැන ඇසෙන දුක්බර ආරංචිය මෙන්න.
Next articleලංකාවේ අලි බලපු පළමු කාන්තාව ඥානාවතී මියයයි. මියයන්න කලින් ඇය බලපු අන්තිම අලියා ගැන හෙළිවූ සංවේදී කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights