Home දේශිය පුවත් නිවාඩුව ඉවර වෙන්නත් කලින් ජීවිතයෙන් නිවාඩු ගත්තු රණවිරු පුතා..

නිවාඩුව ඉවර වෙන්නත් කලින් ජීවිතයෙන් නිවාඩු ගත්තු රණවිරු පුතා..

0
341
මාතෘභූමිය රකින්නට රෑ දවල් වෙහෙසෙන අපේ හමුදා සෙබළෙක්, නිවාඩුවක් ලබා සතුටින් නිවසට පැමිණ සිටියදී සිදුවූ අවාසනාවන්ත ඉරණමක් ගැන අම්පාරෙන් වාර්තා වනවා.
අම්පාර – මහනුවර මාර්ගයේ සමනබැද්ද පිරිවෙන ආසන්නයේදී ඊයේ (25) සිදුවූ යතුරුපැදි අනතුරකින් මේ රණවිරු පුතා මෙලොව හැර ගොස් තිබෙනවා.
මුලතිව් කඳවුරේ සේවය කළ 22 හැවිරිදි ආර්.එච්. උදික මලින්ද රණසිංහ නමැති මේ සෙබළා, නිවාඩු ලැබුණු සැනින් මුලින්ම ගිහින් තිබුණේ පොළොන්නරුවේ ඉන්න තමන්ගේ පුංචි අම්මාව බලන්නයි. එතැනින් නොනැවතුණු ඔහු මහියංගණයේ ඉන්න ආච්චි අම්මාගේ සුවදුක් බලන්නත් අමතක කරලා නැහැ.

ආදරණීයයන් බලලා සතුටින් ආපහු අම්පාර, පොල්වත්ත ප්‍රදේශයේ පිහිටි තමන්ගේ මහගෙදර බලා එමින් සිටියදී තමයි, මාරයා ඔහු එන මඟ බලාගෙන ඉඳලා තියෙන්නේ.

උහන දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ ඔහුගේ යතුරුපැදිය එකපාරටම පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා. අවාසනාවන්ත ලෙස යතුරුපැදිය වේගයෙන් ගොස් ගැටී ඇත්තේ මාර්ගය අයිනේ තිබූ අධි බලැති විදුලි කණුවකයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහුව එතැනින් ගිය මෝටර් රථයකින් අම්පාර රෝහලට ඇතුළත් කළත්, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් ඔහුව බේරාගන්න කළ සටන අසාර්ථක වෙමින් ඔහු සදහටම දෑස් පියාගෙන තිබෙනවා.

උහන පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මේ වන විට අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා. රට රකින්නට ගිය පුතා, තමන්ව බලන්න එනකම් මඟ බලාගෙන හිටපු අම්පාරේ අම්මාට සහ තාත්තාට අද ඉතිරි වෙලා තියෙන්නේ ඔහු පාවිච්චි කරපු බඩුබාහිරාදිය සහ සුන්දර මතකයන් විතරයි.
Previous articleමනුස්සකම දවස ගානේ මැරීගෙන යන ලෝකේක අලුත් පරම්පරාවෙන් මෙහෙම දේවල් දැක්කම ඒක මාරයි..” ජීවිතයේ කඩයිම් විභාගයක උණුසුම මැද මනුස්සකමට මුල්තැන දුන් සාපෙළ සිසුවා..
Next articleඇය නැතිව මගේ කිසිම දෙයක් සම්පූර්ණ නෑ…” විවාහයෙන් පසු විජේ රශ්මිකා වෙනුවෙන් ලියූ ආදරණීයම සටහන..
error: Content is protected !!
Verified by MonsterInsights