යාපනය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට වෛද්‍ය අභිරාමි නර්කුනම් පසුගියදා සමත්වුණා.
ඒ, එම විශ්වවිද්‍යාලයේ 40 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී රන් පදක්කම් 8කින් පිදුම් ලබමින්.
ඇය මෙහිදී දක්ෂතම ශිෂ්‍යාවට හිමි සම්මානයට අමතරව, වෛද්‍ය ක්ෂේත්‍රයේ අතිශය තීරණාත්මක විෂය පථයන් රැසක ඉහළම දස්කම් වෙනුවෙන් සම්මානයට පාත්‍ර වුණා.
මෙය යාපනය වෛද්‍ය පීඨ ඉතිහාසයේ ශිෂ්‍යාවක විසින් එක් උපාධි ප්‍රදානෝත්සවයකදී දිනාගත් වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව ලෙස ද වාර්තා පොත් අතරට එක්වීම විශේෂ වුණා.















