හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ කියන කතාව නම් ඇත්තටම සත්‍යක්. ඔහු සමාජමාධ්‍යයේ සැරි සරන චරිතයක්.
ඒ විතරක් නෙවෙයි, ඔහු වටා මේ වෙනකොට විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්වෙලා ඉන්නවා.
මෙන්න බලන්නකෝ Chuti Diaries ලෙස කා අතරත් ජනප්‍රිය වෙලා ඉන්න මේ තරුණයා ඔහුගේ ජීවිතයේ විශේෂ කඩයිමක් ගැන මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් එක්කරලා
බලන්නකෝ ඔහු මේ කියන්නේ මොකක් ගැනද කියලා.
“දෙවසරක අවසානය සාර්ථක ලෙස නිමාවිය!
ඇරඹුමේ සිට මෙතෙක් දක්වා මා සමඟ සිටි මගේ අම්මා, ඩයනා, දර්ශිනී නානායක්කාර මිස්, නාට්‍ය පාසලේ සියලු දෙනා ඇතුළු මාත් සමඟ නාට්‍ය පාසලේ ඉගෙනුම් ලැබූ ආදරණීය සහෝදර සහෝදරියන් සහ උදව් කළ සියලු දෙනාටම තුති පුදමි..”


















