Home Uncategorized වන සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඔබත් කරදරයෙන්ද..? මෙන්න ඒකට විසඳුමක්..

වන සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඔබත් කරදරයෙන්ද..? මෙන්න ඒකට විසඳුමක්..

0
1436

කලක පටන් ලංකාවේ බොහෝ ජනකොටස්වලට සිදුවුණු හානිය බොහෝමයි. ඒ කතා මැද මේ ඇසෙන විශේෂ ආරංචිය මිනිස් වාස භූමි සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන වන සතුන්ගෙන් බෝග වගාවන්ට සහ ජන ජීවිතයට සිදුවන හානි අවම කිරීම පිණිස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මිනිස් වාසස්ථාන සහ වගා භූමි ආශ්‍රිතව සැරිසරන අලි ඇතුන්, වල්ඌරන්, වඳුරන්, රිලවුන්, දඬුලේනුන් හා මොනරුන් වැනි වන සතුන් විසින් සිදු කරන භෝග හානි හේතුවෙනුයි මෙරට ග්‍රාමීය කෘෂිකාර්මික ජීවනෝපායන්ට සහ ආහාර සුරක්ෂිතතාවට දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ.

එමෙන්ම, ඒ ආශ්‍රිතව වනජීවී – මිනිස් ගැටුම් හා දේපළ විනාශ වීම් බහුලව වාර්තා වන අතර, බරපතල අන්දමින් සමාජ හා ආර්ථික ගැටලු උද්ගත වීම ද සිදුව තිබෙනවා. එබැවින්, වන සතුන්ගෙන් සිදුවන වගා හානි සහ ජන ජීවිතයට සිදු වන හානි කළමනාකරණය කිරීම සඳහා මහජනකාව, විශ්ව විද්‍යාල ප්‍රජාව, ගොවි සංවිධාන, පරිසරවේදීන්, පාරිසරික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, අදාළ අනෙකුත් ආයතන ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස් මත පදනම්ව පුළුල් වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය විසිනුයි සකස් කර ඇත්තේ. ඒ පිළිබඳව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, එම වැඩසටහනෙහි ඇතුළත් යෝජනා සමාලෝචනය කර, තවදුරටත් හඳුනාගනු ලබන නව යෝජනා ඇතුළත් කරමින් එකී වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

Previous article“හැමදාම එකම විදිහට ඉන්නකොට ආදරේ වුණත් පල් වෙනවා..හිටිහැටියේම ඒ දෙන්න කියපු කතාව මොකක්ද ?
Next articleමගේ ජීව්තය නැවත ලැබුනා හා සමානයි.. ශ්‍රී ලංකා පොලිසිය දක්ෂයි.ස්විස් ජාතිකයෙක්ගේ හීනයකට නැවත පණ ලැබෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights