සෝනියා දිසාගේ සහ සුනිල් ටී. ප්‍රනාන්දුගේ හඳුන්වාදීමක් ලෙස “මමයි රජා” චිත්‍රපටයේ සුළු චරිතයක් රංගනය කරමින් සිනමාවට පිවිසි ඔහු, එහිදී දැන හඳුනාගන්නා විජය කුමාරණතුංගයන්ගේ “සමාව” චිත්‍රපටයට තේරුණ ද විජය කුමාරණතුංගයන් හදිසියේ මියයෑමත් සමග එය අතරමග නතර වුණා.
ඉන්මතුවට ඔහු මුල්වරට සහය චරිතයක් රඟපෑවේ “චණ්ඩි රජා” චිත්‍රපටයේ වෛද්‍යවරයකු ලෙසයි.
“සුරනිමල”, “සිංහයන්ගෙත් සිංහයා”, “ලොකු දුව”, “සක්විති රජ”, “මේ මගේ වාරේ”, “ලස්සනයි බලන්න”, “වාසනා වේවා” වැනි චිත්‍රපට කිහිපයක රංගනය කළ ඔහු ටෙලිතිරයේ ද ප්‍රකට වූයේ බර්ට්‍රම් නිහාල්ගේ “ගම්පෙරළිය” හි තිස්සගේ මිතුරා ලෙස සිදුකළ රංගනයෙන්.
“සීමා” වේදිකා නාට්‍යයේ ඔහු සමග රංගනය කළ සඳුන් විජේසිරිගේ මැදිහත්වීමෙන් “ටිකිරි නිලමේ” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය ද රඟපෑ ඔහු විවාහ වූයේ සමකාලීන ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ ශෂී රුද්‍රිගූ සමඟයි.
රාජිත රොද්‍රිගූ දෙදරු පියෙක් වන අතර, ඔහුට දියණියක් සහ පුතෙකු සිටිනවා.
#ChannelE #rajitharodrygo










