Home Uncategorized හෙට දවස ඔබේ ජීවිතයට විශේෂ වේවි.. මෙන්න මේ ලග්න 4 හිමි ඔබට...

හෙට දවස ඔබේ ජීවිතයට විශේෂ වේවි.. මෙන්න මේ ලග්න 4 හිමි ඔබට නම් මෙය සුබ සංක්‍රාන්තියක් වේවි..

0
2769

හෙට දවසේ සිදුවෙන ඒ විශේෂ සිදුවීම මොකක්ද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවයි.

මිථුන, කන්‍යා, ධනු , මීන ලග්න හිමියන්ට මාලවී යෝග බලයද රාශි දොළොසටම මහෞෂධ යෝගය ද, උදා ධනු රාශියෙහි සිකුරු උච්ච බලයද මයුර, පාරිජාත, චන්ද්‍ර චූඩා සත්කළත්‍ර යෝග බලයද උදා කෙරෙමින් මාර්තු 15 වැනිදා ඉරිදා අලුයම 01.03ට රවි ග්‍රහයාගේ මීන සංක්‍රාන්තිය සිදු වනු ඇත. ඒ සමඟම මේ වසරේ පළමු කෝණ මාසය උදා වෙයි.

ඉහත ලග්න හතරෙන් උපන් ජන්මීන්ගේ කලා හැකියාවන් ඔපමට්ටම් වන අතර ජනප්‍රියත්වය, ආදර ගෞරව, සැපසම්පත් ආදිය ළඟාවනු ඇත. අනෙකුත් ලග්න හිමියන් හට ඥානය, ධන සම්පත් සහ සැප සතුට උදාකෙරේ.

මෙහි සුබවාදි පැතිකඩ ලෙස කෘෂිකාර්මික මෙන්ම කාර්මික ක්ෂේත්‍රයෙහි ප්‍රගතියටද දේශීය නිර්මාණශිල්පීන්ගේ කුසලතා නිපුණතා ඇගයීම ද සිදු වෙයි. කම්කරු වැටුප් සතුටුදායක වීම, විවේචන සහ මඩ ප්‍රහාර මර්දනය කරළීම රටේ ගෞරවයට හේතු වෙයි. මාර්තු මාසය පුරා එන චන්ද්‍රග්‍රහණ ග්‍රහ යුද්ධ, ග්‍රහ සංක්‍රමණ, සංක්‍රාන්ති මීන රවියෙහි බහුල වෙයි. දේශීය කර්මාන්ත ව්‍යාපාර සංවර්ධනය, සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය, සේවක සේවිකා සුබසාධනය, රාජ්‍යය භාණ්ඩාගාරයෙහි ඉදිරි ප්‍රවර්ධනය දැකිය හැකිය. භාණ්ඩ මිල පහත වැටීම, පෞද්ගලික ව්‍යාපාර වැඩි දියුණුව, වනිතාවන් බලගැන්වීමද සිදුවෙයි.

පුරාවිද්‍යා ගවේෂණවලි විජයග්‍රහණ ලැබීම, මැණික් සහ මිනිරන් පතල් මතුවීමෙන් භූමි සම්පත් ලාභ ලැබෙයි.

එසේම මෙහි අයහපත් පැතිකඩ ලෙස උසස් දැනුම, අවබෝධය අයාලෙහි ගිය බවක් දෘශ්‍යමාන වීම, මිනිසා මිනිසා විසින්ම විනාශකොට දැමීමෙහි කලාව උත්සන්නව පැවතීම දැකිය හැකිය. මාර්තු මාසයෙහි සිට අධිවේගී සමාජ වියරුවක ස්වභාවයක් ඡ්‍යොතිෂ ශාස්ත්‍රීය පැතිකඩ මඟින් විවරණය කෙරෙයි.

මාර්තු දින 31 පුරා සෞරග්‍රහමණ්ඩලිය විෂමාචාර පාපකර්තරී දර්ශනය අබිරහස් කුමන්තණ පොකුරු පිටින් මතුවන බවක් පෙන්වයි. ශ්‍රී ලාංකේය නාවික, ගුවන්, සාගර, ගොඩබිම් ආරක්ෂා වළල්ල නියැළි නිලධාරීන් නීතිගරුක නොවුණහොත් තනතුරු බාලවීම, තනතුරුවලින් නෙරපා දැමීම, නාවික, ගුවන්, මහාමාර්ග , දුම්රිය මාර්ග ආශ්‍රිත යානවාහන අර්බුද, ජීවිතහානි, ගිනිගැනීම්, ගිනිතැබීම්, ආශ්‍රිත ගැටුම්කාරී මහාපරිමාණ වංචනික ක්‍රියාදාම උද්ගතවීම, ප්‍රභූ ජනතාවට රාජ්‍යය නායක නායිකාවන්ට චෝදනා, චරිත ඝාතන, අරගල කැලඹීම් බහුල කරයි.

කාලගුණික, දේශගුණික, පාරිසරික දූෂණ, භීෂණ වරින්වර මතුවෙයි. පොදු සහ පෞද්ගලික ගැටුම් උග්‍රවී යනු ඇත.

වර්ජන, ගර්ජන කඩාකප්පල් කරළීම්, පොදු දේපළ විනාශකරළීම් සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වෙනු ඇත. රට පුරා නායයෑම්, කඳු කඩාවැටීම්, ජලගැලීම් කෘෂිභෝග විනාශවීම, නිවාස කඩා වැටීම් දෙගුණ කෙරෙන ග්‍රහ තත්ත්වයක් ද පවතියි. විදෙස් රැකියා ආදායම් මාර්ග සංචාරක සේවා තෘප්තිමත් බවට පරිවර්තනය වීම, මනුෂ්‍ය ඝාතන, අනියම් සබඳතා, දික්කසාද ,නඩු හබ, සියදිවි හානිකර ගැනීම් බහුල කෙරෙයි.

සුබ සෙත පුවත්පතෙන්..

Previous articleහඬපටය ඉවත්කරගන්නැයි ඇයගෙන් ඉල්ලීමක්… ලොවක් කතා කළ ඒ විවාහයෙන් පසු රශ්මිකාගේ පැරණි සම්බන්ධයක් ගැන නැවතත් කතාව අලුත් වෙයි..
Next articleඋදෑසන අවදිවන විට මුළු සමම නිල් පැහැ වූ පුද්ගලයෙක් හදිසියේ රෝහලට.. වෛද්‍යවරුන් මවිත කළ සිදුවීමක් ගැන ඇසෙන කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights