Home Uncategorized නැකැත් සීට්ටු දෙකක් එයි කියලා බයෙන් හිටපු අයට සුබ පුවතක්! අලුත් අවුරුදු...

නැකැත් සීට්ටු දෙකක් එයි කියලා බයෙන් හිටපු අයට සුබ පුවතක්! අලුත් අවුරුදු චාරිත්‍ර ගැන ගත් අවසන් තීරණය මෙන්න..

0
848

මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් රටේ ලොකු කතාබහක් ඇතිවුණා ඔබ දන්නවා ඇති.

නැකැත් කණ්ඩායම් දෙකක් දෙපැත්තකට වී මත පළ කිරීම නිසා ජනතාව හිටියේ “අපි කවදාද අවුරුදු කන්නේ?” කියන ලොකු කුතුහලයක.

මේ මතභේදාත්මක තත්ත්වය නිසාම බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා අද (15) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. ජ්‍යෝතිර්වේදීන් පිරිසක් සමඟ පැවති මෙම සාකච්ඡාවෙන් පසු දැනගන්න ලැබෙන්නේ ඉතාම සුබ පුවතක්.

නැකැත් සම්බන්ධයෙන් පරස්පර අදහස් දැක්වූ කණ්ඩායම් දෙකම දැන් එකඟ වෙලා තියෙන්නේ එකම නැකැත් සීට්ටුවක් රටට ඉදිරිපත් කරන්නයි.

කලින් තිබුණු නැකැත් කමිටුව විසුරුවා හැරීමෙන් පස්සේ අලුත් කමිටුවක් පත් නොකිරීම නිසයි මේ අවුල පටන් ගත්තේ. විකල්ප නැකැත් කණ්ඩායම් සහ තවත් ජ්‍යෝතිර්වේදීන් පිරිසක් අතර ඇතිවුණු මේ ගැටුම නිසා අවුරුදු නැකැත් අවුල් වෙයි කියලා බොහෝ දෙනෙක් බයෙන් හිටියා.

කෙසේ වෙතත්, අද සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවෙන් පස්සේ සියලු දෙනා එකා වන්ව නැකැත් ටික ජනතාවට ලබා දෙන්න එකඟ වී තිබෙනවා.

Previous articleශලනි තාරකාගේ හදවත නතරවෙන අලුත්ම පින්තූර පෙළක් එළියට… කොහේ ගියත් හැමෝම ඇය ගැනම කතා වෙන්නේ මේ නිසයි.
Next articleසුවහසක් ප්‍රේක්ෂක සිත්වල ලැගුම් ගත් ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක් වූ ඇය ගැන වසරකට පසු ඇසෙන සංවේදී පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights