Home දේශිය පුවත් ඔහු කවුද..? තමන්ගේ දිවි පරදුවට තබා සරසවි සිසුවිය බේරාගත් ඒ වීරයෙකු ගැන...

ඔහු කවුද..? තමන්ගේ දිවි පරදුවට තබා සරසවි සිසුවිය බේරාගත් ඒ වීරයෙකු ගැන ඇසෙන කතාවක් මෙන්න..

0
727
මේ පුවත බොහෝ දෙනා විමතියට පත් කරන සිදුවීමක් වුණා..

කෙසේ හෝ නොසිතූ මොහොතක සිදුවූ අනතුරෙන් ඇය ජීවිතය බේරාගන්නේ හාස්කමකින් වගේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්.

පසුගියදා හෝර්ටන්තැන්න,ලෝකාන්තය නැරඹීමට ගිය 23 හැවිරිදි සරසවි වෛද්‍ය ශිෂ්‍යාවක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී අඩි 50ක පමණ ප්‍රපාතයකට ඇදවැටී ඇයව නිරුපද්‍රිතව බේරාගත් පුවතක් පසුගිය දිනයක අසන්න ලැබුණා..

ලිස්සා ගොස් ප්‍රපාතයට වැටුණු ඇය එහි පිහිටි ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇති අතර,අනතුර දුටු මේ වනෝද්‍යාන රියදුරු මහතකු විසින් ඇයව බේරාගත් බවට විවිධ පුවත්වල වාර්තා වුණා..

ඔහු කවුද..? තමන්ගේ දිවි පරදුවට තබා ඇය බේරාගත් ඒ රියැදුරා ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ කතාවක්.

වහා ක්‍රියාත්මක වී වෛද්‍ය සිසුවියව බේරාගන්න සිය ජීවිත අවදානම ද නොතකා පහළට බැස ඇයව ආරක්ෂිත ගල් තලාවක් මත ස්ථාවරව රඳවා ගැනීමට මේ පුද්ගලයා සමත්වුණා.

පසුව පට්ටිපොළ පොලීසිය,යුධ හමුදා නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් ඇතුලු ගලවා ගැනීමේ කණ්ඩායම් එක්ව පැය ගණනාවක දැඩි පරිශ්‍රමයකින් පසු සිසුවිය නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි විය.

​තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා සරසවි සිසුවිය බේරාගැනීමට ඉදිරිපත් වූ නුඹ වන් මිනිසුන් ලොවටම ආදර්ශයකි.

කෙසේ වෙතත්, බොහෝ වෙලාවකට පසු දැඩි පරිශ්‍රමයක් දරා හෝර්ටන්තැන්න පහළ බෑවුමේ ගලක් මත සිටි විශ්වවිද්‍යාල සිසුවිය මුදා ගෙන ඇයව ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බව හෝටර්තැන්න ජාතික වන උද්‍යානයේ කළමනාකරු පවසා තිබුණා. 

Previous articleඒ ආදරය ගැන කොහොම නම් කියන්නද ඉතින්.. පුතාගේ ආදරය ගැන පියුමි අද වෙනස්ම කතාවක් කියයි..
Next articleඒ තරුණයා කරපු දේ ගැන කිසිම වෛරයක් නෑ මගෙ හිතේ, මං වෙනුවෙන් වචනයක් හරි කතා කරපු හැමෝටම ස්තූතියි ”ඒ මොහොතේ ඔහුගේ ඉවසීම සහ විනය ඔහුගේම වචනයෙන් කියන සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights